16 කණ්ඩායම පොහොට්ටුවට යයි

0

ම්න් ඉදිරියට 16 කණ්ඩායමක් නොමැති බවත් සිටින්නේ 70වක කණ්ඩායමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

තම කණ්ඩායමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන්නයි මහින්ද රාජපක්‍ෂ මහතා ආරාධනා කරන්නේ නම් ඊට සූදානම් බවද මන්ත්‍රීවරයා කීවේය.

ඉදිරියට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිම නිල කටයුත්තක් සදහා සහභාගී නොවන බවත් දෙපැත්තේ කකුල් තබාගෙන වැඩ කල නොහැකි බවත් මන්ත‍්‍රීවරයා කියයි.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

ඉදිරි දේශපාලන ගමන් මග සම්බන්ධයෙන් මේ වන විටත් තීරණයක් ගෙන ඇති බවත් ඔහු එහිදී පැවසීය.ලබන අඟහරුවාදා පවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමට සහභාගී වන බවද හෙතෙම කීවේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here