16 කණ්ඩායම කරත්ත රෝදයට?

0

ඇමතිකම් අත්හල ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් 16 දෙනා සහ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේශ් ගුනවර්ධන මහතා අතර හමුවක් සිකුරාදා පස්වරුවේ පැවැත්විණි.

“ඔබතුමාලා විපක්ෂෙට ආපු නිසා ආණ්ඩුවේ තුනෙන් දෙක නැති උනා..ඒක බොහොම හොද දෙයක්”දිනේශ් කීවේය.

“දැන් අපට 16 කණ්ඩායම කියල නමක් හැදිලා.දේශපාලනය ගැන නොදන්න එකාබදධ විපක්ශේ පොඩි මන්ත්‍රීවරු අපට ගහන්න පටන් අරන්..ඒ අය දැන ගන්න ඔනා අපි ආණ්ඩුව ඇතුලේ ඉදලා විරුද්ධ උනේ අගමැතිතුමාට…කවුද එහෙම කරන්නේ….?”සුසිල් ප්‍රෙමජයන්ත් මන්ත්‍රිවරයා කීවේය.

“ජනාධිපතිවරණ එනකම් ඉන්න ඔනා නෑ…අපි හදන්නේ මේක ඇතුලේ ඉදලා මහින්දව අගමැති කරන්න…”ඩිලාන් කීවේය.

“බොහොම හොදයි…එහෙම කරන්න පුලුවන්නන්..මොකද 47ක් හිටපු එජාප කණ්ඩායමේ කෙනෙකුට අගමැතිකම දුන්න නම් 96 ඉන්න පැත්තටත් දෙන්න පුලුවන් වෙන්න එපැයි” දිනේශ් කිවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here