ෆොන්සේකා පොලිසියේ රෙදි ගලවයි….

0

පාතාල මර්ධනය හරියට කරනවා නම් අමාරු වැඩක් නොවේ. ඒත් නැති යුද්ධයක් මවාගෙන අහිංසකයින්ට තඩිබාලා බැහැ පාතාලය මර්ධනය කරන්න’ යයි වනජිවි ඇමැති ෆිල්ඩ් මාර්ෂල් සරත්  ෆොන්සේකා මහතා කියයි.

පතාල මර්ධනය කරන්න නම් පොලිසිය සද්භාවයෙන් කටයුතු කලයුතු බවත්, අහිංසකයෝ අල්ලා කුඩු පැකට් දාලා නැති යුද්ධයක් මවාගෙන අහිංසකයින්ට තඩිබාලා පාතාලය මර්ධනය කරන්න නොහැකි බවද ෆොන්සේකා මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ බකමුණ හා දඹුල්ල ප්‍රදේශයන්හි අලිමිනිස් ගැටුම පිලිබදව සෙවිමට සිදුකල සංචාරයක් අතර තුර මාධ්‍යයෙන් යොමු කල ප්‍රශ්ණයකට පිලිතුරු ලෙසිනි.

පතාල ප්‍රශ්ණය තමන්ට අදාල නැති බවත් එය අදාල වෙනත් අමාත්‍යංශ ඇතිබව පැවසූ ඔහු පොලිසිය හරියට ක්‍රියාත්මක වියයුතු බවද කීය.

‘තම දේශපාලන බල ප්‍රදේශයේ පොලිසියේ සමහරු අහිසක මිනිස්සු අරන් ගිහිල්ලා තඩිබානවා. බොරුවට කුඩු පැකට් දාලා ඉවරවෙලා නඩුදානවා. කප්පම් ගන්නවා. ඒවා කරණ මිනිස්සුත් ඉන්නවා. එවා කරකර පොලිසියට බැහැ පාතාලය මර්ධණය කරන්න. සමරතැන්වල ඒ වගේ චෝදනා තියෙනවා.

ඊයෙත් මගේ ප්‍රදේශයේ ළමයෙක් අරන් ගිහිල්ලා ඇස්වලට මිරිස්කුඩු දාලා ඔළුවට පොලිතින් දාලා අත්දෙකින් එල්ලා ගහලා තියෙනවා. ඒවගේ තුට්ටු දේකේ වැඩ කරකර බැහැ පාතාලය මර්ධනය කරන්න. නැති යුද්ධයක් මවාගෙන අහිංසකයින්ට තඩිබාලා බැහැ පාතාලය මර්ධනය කරන්න.

හරියට කරණවානම් ඕක අමාරු වැඩක් නොවේ. හැබැයි නිතිය අතට ගන්නේ නැතිව හරියට හරි සද්භාවයෙන් මේ වැඩේ කරන්න ඕන. මේ සදහා අපි නිතිය හා සාමය ඇමැතිතුමාට නියොජ්‍ය ඇමැතිතුමාට සුභපතනවා අවශ්‍යශක්තිය දෙන්න අපිත් ලෑස්තියි. හැබැයි මේ වැඩපිලිවෙල හරියට කෙරෙන්න ඕන’ යැයිද පැවසූ ඇමතිවරයා පතාල​ය ​මර්ධණය අපසුකාර්යක් නොවන බව පැවසුවේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here