ෆොන්සේකා ඇමතිකම අත්හරී!

0

තායිලන්ත අගමැති ප්‍රයත් චාන් ඕචා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේ බ්‍රහස්පතින්දා පස්වරුවේය. එරට ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ප්‍රයත් චාන් මෙරටට පැමිණි අතර ඔහු පිළිගැනීමට අගමැති රනිල් කටුනායක ගුවන්තොටුපළට ගොස් සිටියේය. ෆයිසර්, ෆොන්සේකා, රවීන්ද්‍ර සමරවීර ඇමැතිවරුද ගුවන්තොටුපළට ගොස් සිටියහ.

අනතුරුව ගුවන්තොටුපළේදී තායි අගමැතිවරයා වෙනුවෙන් චාම් පිළිගැනීමේ උත්සවයක් සූදානම් කර තිබිණි. ඊයේ පස්වරුවේ තායි අගමැතිවරයා ජනපති මෛත්‍රි මුණගැසී සාකච්ඡා කළේය. තායි අගමැතිවරයා පිළිගැනීම වෙනුවෙන් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ උත්සවයක් සූදානම් කර තිබූ අතර මේ සඳහා ජනපති බිරිය ජයන්ති ද එක් වූවාය. තායි අගමැතිවරයා මෙරට රැඳී සිටින කාලය තුළ දෙරටේ ආර්ථික සහයෝගිතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් විශේෂ ගිවිසුම් කිහිපයකටද අස්සන් තැබීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයටද මැති ඇමැතිවරු බොහෝ දෙනෙක් පැමිණි සිටියහ. ඔය අතරවාරයේ සරත් ෆොන්සේකා ඇමැතිවරයා ජනාධිපති මෛත්‍රි අසලට ළංවිය.

”ජනාධිපතිතුමනි, ඇයි මහේෂ්ට සේවා දිගුවක් දුන්නේ. මෙයාව ඉක්මනට අයින් කරන්න. අපි කැමැති නෑ” ෆොන්සේකා කීවේය.

ජනාධිපති මෛත්‍රි එය එතරම් ගණන් ගත් බවක් පෙනෙන්නට නොවූ හෙයින් ෆොන්සේකා යළිත් ජනාධිපතිවරයා දෙස බැලීය.

‘එහෙම නොවුණොත් ජනාධිපතිතුමනි, මම ඇමැතිකමින් යනවා” ෆොන්සේකා කීවේය.

ජනාධිපතිවරයා ඒ දෙසටද අවධානයක් දක්වා නොමැති බව වාර්තා වේ.

මව්බිම..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here