හොරු රකින පිරිස් රජයෙත් විපක්‍ෂයෙත් ඉන්නවා

0

ඇමති චම්පික රණවක කියයි.

අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම මුලින්ම කළ යුතුව තිබිය යුතු දෙයක්. නමුත් කරුණු ගණනාවක් ඔස්සේ යුක්තිය පසිඳලීමේ කාර්ය කඩිනම්  කිරිම සඳහා විශේෂ ත‍්‍රී පුද්ගල මහා අධිකරණ පිහිටුවීම කඩිනමින් සිදු විය බව යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ (15) දින පැවති ජාතික හෙළ උරුමයේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් සඳහන් කළේ ය.

2015 න් පසු ජනාධිපතිතුමාට, අගමැතිතුමාට ලැබුණු ජනවරම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී 2014 වන තුරු මේ රටේ පළාත් සභා මැතිවරණ පැවැත්විය. එම ඡන්ද ප‍්‍රතිපල විශ්ලේෂණය කිරිමේ දි එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඒ වකවානුවේ ලක්‍ෂ 50 ක ඡන්ද ප‍්‍රමාණයක් තිබුණු අතර, ඒ වගේම එ.ජ.ප ප‍්‍රමුඛ සියලූ විපක්‍ෂ කණ්ඩායම්  ලබාගත් ඡන්ද ප‍්‍රමාණය ලක්‍ෂ 36 වන බවත් මහින්ද රාජපක්ෂ මහතා 2015 බය නැතිව ඡන්දයකට යනු ලැබුවේ මේ ඡන්ද ප‍්‍රතිඵලය සලකමින්. එහෙත් එහිදි 82% ක් ඡන්දය භාවිතා කරනු ලැබූ අතර මහින්ද මහතාගේ ලක්‍ෂ පනහ, ලක්‍ෂ පනස් හය වූ අතර විරුද්ධ පක්‍ෂ වලට තිබු ලක්‍ෂ තිස්හය, ලක්‍ෂ හැට දෙකක් වූ බව අමාත්‍ය වරයා පවසයි. ලක්‍ෂ තිස්හය, ලක්‍ෂ හැට දෙක වූයේ දැන උගත් ජනතාවගේ හා මධ්‍යම පාන්තික ජනතාවගේ පෙරටුගාමිත්වයෙන් වන බවත්,  දැන උගත් ජනතාව මෙසේ ඡන්දය භාවිත කළේ ඇයි ද යන්න සලකා බැලිය යුතු බවත්  මහින්ද මහත්තයා යුද්ධය නැවතු නිසාවත්, සංවර්ධනය සිදුකළ නිසාවත් ඇති වූ ප‍්‍රශ්නයක් නිසා නොව, සංවර්ධනය මුවාවෙන් තිබූ විශාල ජාතික මංකොල්ලය පිළිබද ජනතාවට අවබෝධ වූ නිසා බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම ජාතික මංකොල්ලය නැවතීම සඳහා තමන් විශාල මැදිහත් වීමක් සිදුකරනු ලැබූ බවත්, මේ රජය බලයට පත්වීමෙන් පසු රැස්වූ පළමු කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරයා විසින් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කොට අල්ලස්, දුෂණය පිළිබඳව පැමිණිලි බාර ගෙන විශේෂ අධිකරණ පිහිටුවා කඩිනම්න් කටයුතු කරන්නැයි ඉල්ලා සිටි බවත්, නමුත් විවිධ අයගේ මත හේතුවෙන් මෙම අල්ලස්, දුෂණයට, හොරකමට විරුද්ධ පනත යටගිය අතර ඊට විකල්පයක් වශයෙන් එෆ්.සී.අයි.ඩී එක බිහි වුණු බවත්, ඒ සඳහා චෝදනා 1700 ක් පැමිණ තිෙබන බවත් පවසන අමාත්‍යවරයා නමුත් එයත් අසාර්ථක වූ බව ද  පෙන්වා දේ. ඉන් අනතුරුව තමනුත්, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග යන අමාත්‍යවරු හා සරත් පොන්සේකා මහතාත් සමඟ දෙවන වරටත් යුක්තිය පසිදලිමේ කාර්ය කඩිනම් කරන ලෙස ඉල්ලා සිටි බවත්  එයද සිදු නොවුනු බව අමාත්‍යවරයා පවසයි. මේ අතර සිද්ධි ගණනාවක් නිසා මේ යුක්තිය පසිඳලිමේ කාර්ය දිනෙන් දින් යට යද්දි නැවත වතාවක් අමාත්‍යවරු 17 දෙනෙකුගේ අත්සනින් නව කැබිනටි පත‍්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබූ බව පවසන අමාත්‍යවරයා එය පමාවන විට සරත් පොන්සේකා මහතා විශේෂ කැබිනටි පත‍්‍රිකාවක් නැවත ඉදිරිපත් කර එයට ද තමන් අතසන් කළ බවත්, එය ඉදිරිපත් කළ හතරවන කැබිනටි පත‍්‍රිකාව වන බව ද සදහන් කළේය. එම උත්සහයත් අසාර්ථක වන විට, නව මහා අධිකරණ පිහිටුවිමට ගත් උත්සාහයට අධිකරණ ඇමතිතුමියට ස්තුතිවන්න විය යුතු බවත්, 2015 ලැබුණු ජනවරමට පමාවෙලා හෝ වංචාවට, දුෂණයට විරුද්ධව ලැබුණු තල්ලුවක් ලෙස දකින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ රජය බලයට පත් වුණේ ස්වාධින අධිකරණ පිහිටුවනවා කියා බලාපොරොත්තු ලබා දෙමින් බවත්, දේශපාලන හෙන්චයියන් දේශපාලන පත්වීම් ලැබිලා අධිකරණයට ඇතුල් වන කාලයක් උදා වෙමින් තිබුණා. නිති අංශයේ නිලධාරින්ටත් අල්ලස් චොදනා ඒල්ල වෙමින් තිබුණු කාලපරිඡේදයක වත්මන් රජයට අධිකරණයේ ස්වාධිනත්වය අරාක්‍ෂා කිරිමට හැකි වු බවත් විධායකයට තිබු අධිකරණයට තමන්ට ඔනෑ කෙනෙක් පත් කිරිමේ බලය ඉවත් කර එම අභිමතය ව්‍යවස්ථාදායක සභාවට ලබා දුන් බවද, එදා සිට අද මේ දක්වා සිදුකරනු ලැබු පත්වීම්වල කිසිදු චෝදනාවක් ලබා නොමැති බව අමාත්‍යවරයා පවසයි.

අධිකරණයක් ස්වාධින වීමෙන් පමණක් පලක් නොමැති බවත් අධිකරණය අපක්‍ෂපාති, කාර්යක්‍ෂම විය යුතු බවද, අධිකරණය ලොකු කුඩා කාටත් සමාන තැනක් විය යුතු වන අතර, අද වන විට ලක්‍ෂ සංඛ්‍යාත නඩු ගණනාවක් ගොඩ ගැසි ඇති අතර විසඳුමකින් තොරව සමාන්‍යයෙන් නඩුවක් විසඳුම  ලැබීම සඳහා අවුරුදු දාහතකට අධික කාලයක් ගත වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. අපරාධ වලින් නඩුවලටත් තත්වය මෙයයි. එසේම අධිකරණය නවීකරණය විය යුතුයි. නවීන තාක්‍ෂණ්‍ය උපරිම ලෙස යොදා ගත යුතුයි. අධිකරණ පද්ධතිය විධිමත් වීම, නවීකරණය වීම, නව අධිකරණ බිහි වීමට දූෂිතයන් තැතිගෙන සිටින බවත්, ඒකාබද්ධ විපක්‍ෂය පුමුඛ බොහෝ දෙනෙකුගේ ඉරණම මෙම නව අධිකරණ පද්ධතියෙන් විසඳෙන බව දන්නා බවත් ඒ හේතුවෙන් ඔවුන් මෙම පනතට විරුද්ධව දඟලන බව අමාත්‍යවරයා සදහන් කරයි.

බැඳුම්කර සිද්ධියේ නඩු විභාග වුණත් මෙම නව අධිකරණ පද්ධතියෙන් විසඳාගත හැකියි. මේ අනුව මේ ආණ්ඩුවේ විනිවිද භාවය ඔප්පු කොට තිබෙනවා. තවද අධිකරණය ආකර්ශණිය තැනක්  කරන්න අරමුණු කර ගනිමින් විනිසුරුවන්ගේ වැටුප සියට දෙසිය පනහකින් වැඩිකරනු ලැබුවා. මේ සැම පියවරක් අතරේම අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත ආරක්‍ෂා කරගන්න අධිකරණය වෙත යන්නත් බලාපොරොත්තු වෙනවා. යුක්තිය පසිඳලීම සඳහා වහා වහා ක‍්‍රියාත්මක විය යුතු අතර ජනතාව අතර කැකෑරෙන ප‍්‍රශ්න වලට විසදුම් ලබා දිය යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. එම නිසා නිතීඥයන්ගෙන්, වෘත්තියෙවිදින්ගේන්  තාක්‍ෂණික කරුණු නිවැරදි කරගන්නා ලෙස ඉල්ලා සිටින බවත්, කාර්යක්‍ෂමව නඩු ඇසීමේ ක‍්‍රියාවලිය වෙනුවෙන් තමන් ඇතුළු පිරිස දිගින් දිගටම පෙනී සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here