හිතවත් චාමර නික්ම ගියේය……

දේශපාලන විචාරකයෙකු සහ මාධ්‍යවේදියෙකු ලෙස පාඨකයන් හඳුනාගත් සිළුමිණ පුවත්පතේ සහ රැස පුවත් පතේ කර්තෘ චාමර ලක්ෂාන් කොළඹ මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

පසුගිය පොසොන් පෝදා ලේක්හවුස් ආයතනය විසින් මෙහෙයවන මිහින්තලය ආලෝක පූජාව සඳහා සහභාගී වීමට ගොස් සිටිය දී චාමර ලක්ෂාන් හදිසි හෘදයා බාධයකට ලක්විය.

කෙසේ වෙතත්, ඔහුට හෘදයාබාධයක් වැළඳී ඇති බව අනෙක් අය දැනගෙන ඇත්තේ ද මඳක් පමා වී බවයි වාර්තා වන්නේ.

අනතුරුව ගුවන් මගින් කොළඹ ගෙනැවිත් ඇති චාමර ලක්ෂාන් කොළඹ මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලොවින් සමුගත්තේය.

මිය යනවිට ඔහු 39 වන වියේ පසුවු චාමර ලක්ෂාන් ලක්බිම, රිවිර සහ ඉරුදින යන පුවත්පත්වල ද කලක් සේවය කළේය.

චාමර ලක්ෂශාන් සොදුරු ජනමාධ්‍යවේදියාණනි ඔබට නිවන් සුව..

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here