හකීම්ට ආණ්ඩුවේන් අඩු සැලකිලි… තීන්දුවක් ගනී

0

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග‍ යෝජනාවේදී දුරදිග බලා ‍තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා කියයි.තමන් මෙම ආණ්ඩුවේ සිටියත් තමන්ට ද අසාධාරණකම් සිදුවන බව පැවසු රවුෆ් හකීම් මහතා අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මුස්ලිම් කොංග්‍රසයයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව් දෙනෙකු සිටියත් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පවා නොමැති පක්ෂයටක මන්ත්‍රීවරුන් දෙ‍දෙනෙක් මෙවර ප්‍රාදේශිය සභාවට පත් කර ඇති බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

තමන් විසින් පත් කරනු ලැබු ආණ්ඩුවේ නායකයින් තමන්ව තුට්ටු දෙකට පත් කර වැඩ කටයුතු කරන බව ද හකීම් ඇමතිවරයා පැවසීය.

එසේ වුවත්  ජනවරම පිළිබඳ සිතා බලා නිවැරදි තීරණයක් ගන්නා බවත් හකීම් ඇමතිවරයා වැඩිදුරටත් කියාසිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here