සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහින්ද හමුවී ඒකාබද්ධ විපක්ෂයට!

සීදුව ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක් සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සහභාගී විය.ඒ ජනිත බේකරි අධිපතිතුමාගේ දරුවාගේ විවාහ ගිවිස ගැනීමය.මනාලයාගේ පාර්ශවය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා සහ මනාලියගේ පාර්ශවය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කලේය.මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණතුංග,ප්‍රසන්න රණවීර සහ පසුගියදා අමාත්‍ය තනතුරුවලින් ඉවත් වු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද එක්ව සිටියාය.ඔවුන් සියළු දෙනා අසුන් ගෙන සිටියේ එකම මේසයකය.මාධ්‍යවේදීන්ද මෙහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න ඇසුවේය.

“ඔබතුමා මාධ්‍යම කාරක සභාවට යනවද” මාධ්‍යවේදීන් ප්‍රශ්න කලේය.

“නෑ..මට නන් ආරාධනා කරල නෑ.”මහින්ද රාජපක්ෂ මහතා කීවේය.ඒ අසල ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියද සිටියාය.මහින්ද රාජපක්ෂ මහතා ඇය දෙස බැලුවේය.මාධ්‍යවේදීන්ද එම ප්‍රශ්නය ඇයගෙන්ද විමසුහ.”ඔව් මම යනවා”යැයි මන්ත්‍රීවරිය සිනාසෙමින් කීවාය.අනතුරුව කටුනායක සීදුව නගර සභාවේ හිටපු උප නගරාධිපති ගාමිණී හෙට්ටිආරච්චි මහතා අපූරු කතාවක් කීවේ සැවොම සිනහ ගන්වමිනි.

“අද මෙතන කසාද දෙකක් උනා..එකක් ජනිත බේකරි අධිපතිතුමාගේ දරුවගේ කසාදෙ..අනිත් එක අද සුදර්ශනී නෝනා ඒකාබද්ධ විපක්ෂයට එක්වුන කසාදේ”යැයි හෙට්ටිආරච්චි මහතා කීවේය.ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියද ඉට සිනාසුනාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here