සුජීවට කෙසෙල් කවන්න ගිය ප්‍රසන්න රණවීරට වෙච්චි වැඩේ…

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පසුගිය සතියේ චීනයේ සංචාරයක නිරත වූහ. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිලුම්, රණවීර, විදුර, නිරෝෂන්, සනත් සහ පියල් ඊට එක්ව සිටියහ.

එක් දිනක් ආහාර ගැනීමෙන් පසු රණවිර ඒ අසළ සිටි සුජීව සේනසිංහට කෙහෙල් ගෙඩියක් දිගු කරමින් “කන්නකෝ අයියේ කෙහෙල් ගෙඩියක්” කීවේය.

“මේ නිකන් කින්ඩි දාන්නේ නැතුව යමන්” සුජීව පැවසීය.

“කින්ඩි නෙමේ අයියේ කන්නකෝ කෙහෙල් ගෙඩියක්” ප්‍රසන්න යළි පැවසීය. ඒ සමඟම එතැනට පැමිණි දිලුම් රණවීරව අතෙන් අල්ලාගෙන පැත්තකට කැඳවාගෙන ගියේ දෙස් දොවොල් තබමිනි.

“උඹට පිස්සුද යකෝ සුජීවට කෙහෙල් දෙන්න. ඔය මනුස්සයට කෙහෙල් ගෙඩියක් දැක්කත් කේන්ති යනවා. ඇයි උඹ දන්නේ නැද්ද බනානා සුජී කතාව” දිලුම් රණවීරට කීවේය.

“කාටද අප්පේ ඔවා මතක කියෙන්නේ.. මම එහෙම දෙයක් හිතලා කිව්වා නෙමේ. ඇත්තටම කෙහෙල් ගෙඩියක් දෙන්න ඕනේ නිසයි කිව්වේ” රණවිර පැවසුවේ විස්සෝපයෙනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here