සිංගප්පූරු අගමැති රනිල්ට කිව්ව කතාව…

0

ලොව රටවල් 125 ක ප්‍රබල දේශපාලකයන් ව්‍යාපාරිකයන් විද්වතුන් එක්වූ ප්‍රධාන සමුළුවක ප්‍රධාන දේශනය සදහා පස්ගියදා සිංගප්පූරුවට ගිය අගමැතිවරයාට එහිදී ඉහල පිළිගැනීමක් ලැබිණ.

“ශ්‍රී ලංකාව ආර්ථික කේන්ද්‍රයක් ලෙස අප ගොඩනගනවා. ඒ හරහා මුළු ආසියාවටම ශක්තියක් වීමට නුදුරේදීම අපට පුළුවන් වේවි” යයි එහිදී ප්‍රකාශ කල අගමැතිවරයා ලංකාව ගොඩනගන වැඩ පිළිවෙලද විස්තර කලේය.

දිවා හා රාත්‍රී නිල භෝජන සදහා අගමැතිවරයාට ලැබුණු ආරාධනාවල නිමක් නොමැති විය. ඒ අතර සිංගප්පූරු අගමැතිගේ නිල දිවා භෝජනය විශේෂ තැනක් ගත්තේය.

“ රනිල් අගමැතිතුමා වැනි දැක්මක් ඇති නායකයකු අපේ මේ සමුළුවේ ප්‍රධාන දේශනයට පැමිණීම ඉතා අගය කරනවා.ඔබේ ඒ දේශනය තුල අන්තර්ගත වූ වැඩ පිළිවෙල සම්පූර්ණ වූ විට ලංකාව ලෝකයේම බලවත් රටක් වේවි. ” සිංගප්පූරු අගමැතිවරයා එහිදී විශේෂ ඇගයීමක්ද කලේය.

සජිත් ප්‍රේමදාස ලංකාවේ අනාගතය බාර ගැනීමට සිටින නායකයෙකු ලෙස අගමැතිවරයා එහිදී සිංගප්පූරු අගමැතිට ඔහු හදුන්වා දුන්නේ හිටපු ජනාධිපති ප්‍රේමදාස ගැනද මතක් කර දෙමිනි. සජිත් හා සිංගප්පූරු අගමැතිවරයා දිවා භෝජනයට එකලග අසුන් වල වාඩි වූයේ අනතුරුවය.

අගමැති රනිල්ගේ වැඩ පිලිවෙල ඉදිරියටම ගෙන යාමට තමා සතු වැඩ පිලිවෙල ගැනද සජිත් එහිදී සිංගප්පූරු අගමැතිවරයා දැනුවත් කලේය.ඇමති මලික්ගේ සහභාගිත්වයෙන් සාර්ථක ආයෝජන සමුළුවක්ද පැවති අතර දෙරට අතර වන ආර්ථික ගිවිසුම ගැනද දෙරට අගමැතිවරු අතර ඉතා සුහද ලෙස අදහස් හුවමාරු විය.

“මේ ආරාධනාවෙන් පේන්නේ සිංගප්පූරුව අප ගැන තබා ඇති විශ්වාසය හා ගෞරවයයි. අපි කරන දේ එළි කිරීම නිසා මුළු ලෝකයටම ඒ පණිවිඩය ගියා. ඒක රටට ඉතා වාසි වේවි” අගමැතිවරයා අනතුරුව ශ්‍රීලංකා දූත පිරිසට කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here