සරම කඩාගෙන වැටුන සිරිපාල අයියගේ හෙළුව වහපු හැටි ඩිලාන් කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ඊයේ මාතර උයන් වත්ත ක්‍රිඩාංගනයේ පැවති හදවතේ නිදහස රැලියේදී වත්මන් ආණ්ඩුවේ ක්‍රියාදාමය ගැන අපූරු කතාවක් කීවේය.”මම 94දි මහියංගනයේ සංවිධායක වෙලා ඉන්නකොට දවසක් හරි කලබැගෑනියක් උනා..ගමේ හිටිය අපේ ශාකා සමිතියේ සභාපති සිරිපාල අයියා බීල ඇවිල්ලා ගෙදර කෑ ගහනවා දවසක් බිරිඳ කිව්වා තමුසේ හිටියට වඩා හොදයි ඕයි මැරුනනම් කියල.සිරිපාල අයියාත් බිරිඳට හරිම ආදරෙයි මම වගේ තමයි බොක්කෙන් ම තමයි.මට බිරිඳ කිව්වොත් තනි කකුලෙන් හිට ගන්න කියල මම පැය 24 උනත් හිටගෙන ඉන්නව.සිරිපාල අයියටත් බිරිඳ කිව්ව දේට හරිම වේදනාවයි.පස්සේ කැලේට ගිහින් බෙල්ල වැලදාගත්තා.ගමේ ගෑනු මිනිස්සු ඔක්කොම කැලේට දිව්වා.ගිහින් බලනකොට සිරිපාල අයියා ගහක එල්ලිලා ගැටේ හිරවෙලා නෑ හැබැයි  සරම ගැලවිලා වැටිලා.ගෑනු ටික පැත්තකට උනා මේකා හෙලිවැල්ලෙන් මුගේ සරම අන්දවන්න කිව්වා.හැබැයි එතන හිටපු ලක්ෂ්මන් යාප වගේ හොද ශ්‍රි ලංකා කාරයෙක් ටග් ගාලා ගහට නැගල තොන්ඩුව ගැලෙව්වා.එදා තොන්ඩුව ගලවන් නැතුව සරම අන්දන්න ගියානන් හෙළුව වැහෙයි.හැබැයි තොන්ඩුව තද වෙයි.අද මේ ආණ්ඩුවට වෙලා තියෙන්නෙත් ඒක.අපි ආවේ අන්න ඒ තොන්ඩුව ගලවන්න.ඒ පෙරහැරේ ඕන කෙනෙක් නිලමෙට ඇදපුවාවේ ඒක අපිට ප්‍රශ්නයක් නෑ.හැබැයි අපි මේ ගමන ජයග්‍රහණය කරනවා.ඒකට 2020වෙනකන් ඉන්න ඔන නෑ”යැයි ඩිලාන් පෙරේරා මහතා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here