සරණගේ වාහන අවභාවිතා නඩුවේ වැඩිදුර වාර්තාවක් උසාවියට

0

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටියදී රුපියල් අසූ ලක්ෂ අනූ පන්දහසක් වටිනා සුඛෝපභෝගී රථයක් ආනයනය  කර එම රථය භාර නොදී තම භාවිතාය සඳහා යොදා ගත් බව කියන සිද්ධීයේ  වැඩිදුර වාර්තාවක්  කොළඹ විශේෂ  අපරාධ විමර්ශන කොට්ඨාශය අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

සරණ ගුණවර්ධන මහතා අද අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කිහිපයක් සඳහා පෙනී සිටින බැවින් අධිකරණයට නොපැමිණි බව ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට කියා සිටියාය.

ඉදිරි දින අධිකරණයට නොපැමිණීම සම්බන්ධයෙන් කරුණු තහවුරු කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා නියෝග කළේය.

සිද්ධියට අදාළව විමර්ශන කඩිනම් කර අධිකරණයට ඉදිරි දින වාර්තා කරන ලෙසටද වැඩබලන මහේස්ත්‍රාත් වරයා විශේෂ අපරාධ විමර්ශන ඒකකයට නියෝග කළේය.

සරණ ගුණවර්ධන මහතා සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපතිවරයා  ලෙස සිටියදී රුපියල් අසූ ලක්ෂ අනූ පන්දහසක් වටිනා සුඛෝපභෝගී රථයක් ආනයනය  කර ඇති නමුත් එම රථය භාර නොදී තම භාවිතාය සඳහා යොදා ගත් බවට කොළඹ විශේෂ  අපරාධ විමර්ශන කොට්ඨාශය සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

පැමිණිල්ල වෙනුවෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණ පෙනී සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here