සබරගමුවේ හිටපු මන්ත්‍රී දුන් සල්ලි දන්සැල…

0
Sri Lankan currency

සබරගමු පළාත් හිටපු මන්ත‍්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන මහතා සිය දෙමාපියන්ට සහ සිය පවුලේ මිය ගිය ඥාතීන්ට පිං පිණිස සල්ලි දන්සලක් මාවනැල්ල ලෝල්ලේගොඩ සිය නිවස ඉදිරිපිටදි අද උදෑසන පැවැත්විය.

ප‍්‍රථම වතාවට මෙවැනි දන්සැලක් පවත්වා ඇති බව පැවසු මන්ත්‍රීවරයා කීවේ මේ තුළින් තම දෙමාපියනට පිං ලබාදීමට කටයුතු කරන බවය. දන්සල වෙනුවෙන් පැමිණි බොහෝ දෙනෙක් පෙළ ගැසි මන්ත‍්‍රීවරයාගේ නිවස ඉදිරිපිට රැඳි සිටි අතර උදෑසන 9.00 ආරම්භ කළ දන්සලට පැමිණි සියලූ දෙනා වෙනුවෙන් රුපියල් 100 බැගින් මෙහිදි මුදල් ලබා දිම සිදු විය.

පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ මෙම සල්ලි දන්සල පැවැති අතර මෙම සියලූ මුදල් ලබා දිම හිටපු පළාත් මන්ත‍්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන මහතා අතින්ම සිදු විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here