සනත් නිශාන්ත අයියා එක්ක රිමාන්ඩ්

0

ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා මැයි මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහාධිකරණය අද නියෝග කළේය.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දීම සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට එරෙහිව හලාවත මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පැවතිණි.

එම නඩුවට ඇප ලබා සිටි මොවුන් දෙදෙනාට සෑම සතියකම ඉරිදා දිනයේ හලාවත පොලීසියට පැමිණ අත්සන් කළ යුතු බවට කොන්දේසියක් පනවා තිබු අතර 2017 අගෝස්තු මාසයේ සිට මේ වන තෙක් පොලීසියට පැමිණ අත්සන් නොකිරීමෙන් මොවුන් ඇප කොන්දේසි කඩ කර ඇතැයි පැවසු මහාධිකරණ විනුසුරුවරයා මෙම නියෝගය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here