සජිත් ගේම ඉල්ලයි

0
රටේ වගකීම භාරගැනීමට තමන් සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී  ඒ බව විවෘතව ප්‍රකාශ කළ බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා  පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ බැල්ලගස්වැව ප්‍රදේශයේ ඉදිකළ “සෙන්පති නන්දිමිත්‍රගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට‍ සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“දැන් කතා දෙකක් නැහැ අපි එළිපිට වැඩේට බැහැල සිටිනවා. කවුරුන් කුමන බාධක දැම්මත් සජිත් ප්‍රේමදාස වැඩේට සූදානම් බව වගකීමෙන් ප්‍රකාශ කරනවා” යැයි ද අමාත්‍යවරයා එහිදී කීය.
මෙරට සෑම පුරවැසියෙකුම පන්ති, පක්ෂ, පාට භේද පසෙකට දමා රටේ අනාගතය ශක්තිමක් කර, සෞභාග්‍යයෙන් බබළවන්නට තමන් සමඟ එකතු වන ලෙසද ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.
තම අභියෝගය ප්‍රතිවාදීන්වත්, එක එක පැති වලින් එන අපේක්ෂකයන්වත් නොව, එකම අභියෝගය දුප්පත්කම අඩු කිරීම, රැකියා ප්‍රශ්නය විසඳීම මෙන්ම නූපන් දරුවන්ගේ සිට මතු පරපුරේ අනාගතය සුඛිත මුදිත කරවීම  සිදු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here