සජිත් ආවොත් වෙන දේ මහින්ද කලින්ම කියයි! තාත්තගේ කාලයේ ටයර් සෑයවල් මතක්කරයි

0

ප්‍රේමදාස යුගයකට නැවතත් ගෙනයන්න ඕනෑ යැයි ඇතැමුන් කියන බවත් ඒ තත්වෙට ගියොත් රට සුදුවෑන් නොව ටයර් සෑයවල් සංස්කෘතියක් ඇති වනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ මුල්කිරිගල දී පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන බල මණ්ඩලය අමතමිනි.
තමන් බලයට පැමිණි විට පේ‍්‍රමදාස වැඩපිලිවෙල කියා ක්‍රියාත්මක කරන්නේ යැයි කිසිවකු කියන්නේ නම් තමනට මතක් වෙන්නෙ මෙවන් මෙම සිදුවීම් බවද ඔහු සඳහන් කළේය.
88 89 කාලයේ එක්තරා දිනයක 150ක් සිරුරු ටයර් සෑයවල් දැවී යද්දී තමන් ඒ ගැන ඇමතිවරයකුට දැන්වූ බවත් තවත් සුළු වේලාවකින් නැවත තමන්ට ආපසු අමතා එම ඇමතිවරයා 150ක් නොව 250 දැවෙන බව කියුවේ යයිද රාජපක්ෂ මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා සූදානම් වෙමින් සිටින අතර ඔහු හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වේ.
මහින්ද රාජපක්ෂ මහතා 88-89 පැවති වාතාවරණය සජීවී අත්දැකීම් සහිත පුද්ගලයෙක් වන අතර එම තත්වයට විරුද්දව ප‍්‍රබලව නැගී සිටියෙක්ද වෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here