සජිත්ට මඩ ගහන්න රවී අල්ලස් දීලා…

0

විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේට විශාල අල්ලස් මුදලක් ලබාදී සජිත් ප්‍රේමදාස මහතාට මඩ ගැසීම සදහා  යොදා ගන්නා බව එම සංවිධානයේ නිර්මාතෘ අසේල සම්පත් මහතා පවසයි.
මෙරට දෙකෝටියක් ජනතාව පාරිභෝගිකයින් වශයෙන්  සිටියදී ඔවුන් වඩාත් සංවේදී කිරිපිටි සම්බන්ධ අර්බුදය සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකර රවී කරුණානායකගේ ඉල්ලීම මත සජිත් ප්‍රේමදාස මහතාට මඩ ගැසීමට පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ජාතික ව්‍යාපාරය කටයුතු කරමින් සිටින බවයි ඔහු චෝදනා කරන්නේ.
2013 වසරේ ඔහු විසින් නිර්මාණය කල මෙම සංවිධානය  රංජිත් විතානගේ විසින් රවී කරුණානායකගේ පස්ස කැසීම සඳහා භාවිතා නොකල යුතු බවයි අසේල සම්පත් මහතා නිවේදනයක් නිකුත්කරමින් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි  රංජිත් විතානගේව පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ජාතික ව්‍යාපාරයෙන් ඉවත් කිරීමට තමන් කටයුතු කරන බවත් මින් ඉදිරියට ඔහුට මාධ්‍ය  ආවරණ ලබා නොදෙන ලෙසත් අසේල සම්පත් මහතා ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here