රජ මගුල හිල්ටන් හෝටලයට ගෙනියයි

ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට තිබු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය හෙට හිල්ටන් හිදී පැවැත්වීමට නියමිතය.
මින්පෙර ජනපති පුත්‍රයාගේ විවාහය පැවැත්වීමට තිබුනේ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී වූවද පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ ඉලක්කයක් වීමෙන් පසු ෂැංග‍්‍රිලා හෝටලය දින නියමයක් නොමැතිව වසා දැමිනි. ඉන්පසුව දහම්ගේ විවාහය හිල්ටන් හෝටලය වෙත මාරු කර තිබෙන බවට වාර්තා වේ.
මේ අනුව එම විවාහය හෙට දිනයේදී කොළඹ හිල්ටන් හෝටලයේදි පැවැත්වෙනු ඇත.
දහම්ගේ අත ගන්නා මනාලිය වන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරික අතුල වීරරත්න මහතාගේ දියණිය වන නිපුනි වීරරත්නයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here