ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් දෙපිලම අදත් ජනපති හමුවෙයි

0

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවීමට නියමිතය.විශ්වාසභංගයට සහාය නොදැක්වු මන්ත්‍රී කණ්ඩායම අද පස්වරු 3.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවීමට නියමිතව ඇත.අනතුරුව රාත්‍රි 7.00ට විශ්වාසභංගයට සහාය දැක්වු මන්ත්‍රීවරුන් 16 දෙනා හමුවේ.මෙහිදී ඔවුන් පිරිස ආණ්ඩුවේ කටයුතු වලින් ඉවත්වීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද වාර්තාවේ.බොහෝ දුරට අද රාත්‍රි ඒ ගැන ජනාධිපතිවරයාගේ පිළිතුරක් ලැබෙනු ඇති බව අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා වාසල විත්ති වෙත හෙලි කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here