ශ්‍රිලනිප මතය තීන්දුයි…අගමැති ගෙදර යවන්න ජනාධිපති කැමත්ත දුන් හැටි

0

අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාස භංගය විවාදයට ගැනීමට පෙර සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහතාට දැනුන් දීමට නියමිතය.

ඊයේ රාත්‍රි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි.

මෙම හමුවේදී ඇමතිවරුන් සිවු දෙනෙකු පමණක් අගමැතිවරයාට සහාය දීමට කැමති බව කියා සිටි අතර ඔවුන් සදහන් කර ඇත්තේ තව දුරටත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයේ තබාගෙන ඉදිරියට යා යුතු බවය.

එහිදී ජනාධිපතිවරයා ඊට විරෝධය දක්වා තිබේ.එහිදී ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ තමන්ට තව දුරටත් රනිල් වික‍්‍රමසිංහ අගමැති දුරයේ තබාගෙන ගමනක් යා නොහැකි බවය.

ඒ අනුව මෙම තීරණය අද පෙරවරුවේ අගමැතිවරයා වෙත දැනුම් දීමට නියමිත අතර අගමැතිවරයා එකග නොවන්නේ නම් විශ්වාස භංගයේදී අගමැතිවරයාට විරුද්දව ඡුන්දය දීමට අවසන් එකගතාවයකට පැමිණ තිබේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here