ශ්‍රිලනිප ඇමතිවරුන් කැබිනට් වර්ජනයක! අවසන් තීන්දුවක් ගන්න හෙටත් රැස්වෙයි

0

ජාතික ආණ්ඩුවේ සිටිනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දිනයේ යළි මාධ්‍යම කාරක සභාව රැස්වී තීරණය කීරීමට ඊයේ රාත්‍රී රැස්වු ශ්‍රිලනිප මාධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

එතෙක් අද පැවැත්වෙන කැබිනට් රැස්වීම ශ්‍රිලනිප අමාත්‍යවරුන් වර්ජනය කිරීමට තීරණය කළ බව එම පක්‍ෂයේ ප්‍රකාශකයකු වාසල විත්ති වෙත පැවසීය.

ඒ අනුව අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන්ට අමතරව පක්‍ෂයේ සෙසු කැබිනට් ඇමතිවරුන්ද කැබිනට් රැස්වීමට සහභාගී නොවන බව හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට අද පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී අනුර ප්‍රියදර්ශන යාපා මහතා යෝජනා කර ඇති අතර එස්.බී. දිසානායක මහතා එය ස්ථීර කර ඇත.

මේ අතර අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන් 16 දෙනා සකස් කළ වාර්තාවක් ද මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කොට ඇතැයිද වාර්තා වේ.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවස ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හදිසි නොවී පක්‍ෂයක් වශ්‍යයෙන් තීරණයක් ගත යුතු බවත් ශ්‍රී.ල.නි.ප. මැති ඇමතිවරුන් 41 දෙනාම එකට සිටිය යුතු බවත්ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here