වෙනස සැපද?…වෙල්ගම මහ රෑ තෙල් පෝලිමේ..මතුගම යන්න බැරිව අතරමං වෙයි!

තෙල් මිල ඉහල යෑම නිසා ඊයේ රාත්‍රී ඉන්ධන පිරවුම් හල් අසම දිගු පෝලිම් දක්නට ලැබුණි.මේ නිසා මාර්ගවල අධික වාහන තදබදයක්ද දක්නට තිබිණ.පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාද ඊයේ පාර්ලිමේන්තුවේ සිට මතුගම යන අතරතුර මෙම ඉන්ධන පෝලිමට හසුව තිබේ.එහිදී මන්ත්‍රීවරයා පෝලිමේ සිටින ජනතාවගෙන් වෙනස සැප දැයි විමසා තිබේ.මද වේලාවක් වෙල්ගම මන්ත්‍රීවරයා ජනතාව සමග ආගිය තොරතුරු කතාබහ කර ඇත්තේ මන්ත්‍රීවරයෙකු ලෙස නොව ගමේ බජාර් එකේ අයියා කෙනෙකු ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here