විශ්වාසභංගය ගැන ඇහුවම හැංගෙන ඇමතිවරු කවුද ?

0

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මේ සතියේ කතානායකවරයාට බාරදීමට නියමිත විශ්වාසභංග යෝජනාවට ශ්‍රිලනිප අමාත්‍යවරුන් කිහිපදෙනකුගේ අත්සන් යොදා තිබුණත් තවත් කීපදෙනෙකු අත්සන් කිරීම මඟහැරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙකු වාසල විත්ති වෙත හෙළිදරව් කළේය.එම අමාත්‍යවරුන් මේ ගැන සදහන් කිරීමට දුරකථන ඇමතුමක් ගත් විට එයද මඟහරිමින් සිටින බව හෙතෙම කීවේය.කෙසේ වෙතත් විශ්වාසභංග යෝජනාව බාරදීමට අවශ්‍ය අත්සන් ප්‍රමණය ඉක්මවා මේ වන විටත් අත්සන් ලැබී ඇති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීවේය.එම යෝජනාව බාරදීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයට මුක්කු ගසන ශ්‍රිලනිප ඇමතිවරුන්ගේ නිරුවත එළියට එන බවද අදාළ ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

“මේක හරි වැඩක් අනිත් වෙලාවට පාර්ලිමේන්තුවේ අපිත් එක්ක හොදටම කතාකරන ශ්‍රි ලංකා එකේ ඇමතිවරු දැන් අපිව දැක්කාම හැංගෙනවා.සමහරු ෆෝන් එකටවත් එන්නෙ නෑ.මේ අතර අවංකවම එජාපයේ දුර්ගන්ධ පාලනය ගැන කලකිරුනු කට්ටියක් ඉන්නවා.ඒ අය ශ්‍රිලනිප පාක්ෂිකයන් ගැන දුකින් ඉන්නේ.”යැයි ද එම ප්‍රකාශකයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here