විශ්වාසභංගයට සහාය දුන් ඇමතිවරු 16ක් ජාතික ආණ්ඩුවට සමුදුන් හැටි

0

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භයංගයට සහාය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා ඔවුන් දරණ තනතුරු වලින් ඉල්ලා අස් වී තිබේ.

ඔවුන්ගේ  ඉල්ලා අස්වීමේ ලිපි  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීට ටික වේලාවකට පෙර භාර දුන් බව රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය.

ජනාධිපතිවරයා සහ ඔවුන් අතර පැවති සාකච්ඡාවකින් පසු තනතුරු වලින් ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයා අවසර දුන් බවත්, ඒ අනුව විශ්වාස භංගයට පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 16 දෙනාම සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දුන් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

තනතුරු වලින් ඉල්ලා අස්වුවත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් ජනාධිපතිවරයාට සහාය දක්වන බවද හෙතෙම සදහන් කලේය.

ඒ අනුව සුසිල් ප්‍රේමජයන්ත්, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, චන්දිම වීරක්කොඩි, එස්.බී දිසානායක කැබිනට් අමාත්‍යධුර වලින්ද ලක්ෂ්මන් යාපා, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,  ටීබී ඒකානායක රාජ්‍ය අමාත්‍යධුර වලින්ද සුමේධා ජී ජයසේන, අනුරාධ ජයරත්න, තාරානාත් බස්නායක, ලක්ෂ්මන් වසන්ත පෙරේරා,සුසන්ත පුංචිනිලමේ මහතා නියෝජ්‍ය අමාත්‍යධුර වලින්ද තිලංග සුමතිපාල මහතා නියෝජ්‍ය කතානායක ධුරයෙන්ද ඉල්ලා අස්වූහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here