විශ්වාසභංගයට සහාය දක්වන පා ගමන අරඹයි

0

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට සහාය දක්වමින් එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය හා එක්සත් ජාතික නිදහස් පෙරමුණ එක්ව අද මහනුවර සිට කොළඹ දක්වා පාගමනක් ආරම්භ කලේය.

‘ඒකාධිපති ගජ මිතුරු වියරුව පරදන ජන බල අරගලය’ ලෙස නම්කර ඇති  මෙම පාගමන අද සවස් වනවිට මාවනැල්ල නගරයේ  නතර වීමට තීරණය කර ඇත.

අප්‍රේල් 1 දින රාත්‍රිය නෙලුම්දෙනියේදී 2 වැනිදා නිට්ටබුවේ සහ 3 වනදා කිරිබත්ගොඩ නගරයේද  නතර වීමටත් සැලසුම් කර ඇති මෙම පාගමන විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙන අප්‍රේල් 4 වැනිදා පාර්ලිමේන්තු වටරවුම දක්වා ගමන්කිරීමට  නියමිත බව වාර්තාවේ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here