විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

0

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර  වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා  නියෝග කර තිබේ .

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් හුසේන් කුමරුගේ මෙරට සංචාරයට විරෝධය පල කරමින් මහජන පීඩාවන් ඇතිවන අයුරින් 2016 වසරේදී  උද්ඝෝෂණයේ නිරත වීම ඇතුළු චෝදනා යටතේ අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 07 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් නඩු පවරා තිබිණි.

එම නඩුව අද කැදවූ අවස්ථාවේදී විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන සැකකාර මන්ත්‍රීවරුන් දෙදෙනා අධිකරණයේ පෙනී නොසිටි බැවින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකර තිබේ.

ඊට අදාළ නඩු විභාගය ජුනි මස 12 වනදා නැවත කැදවීමට නියමිතය.

 

වාසල විත්ති අධිකරණ වාර්තාකාරිණිය විසිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here