විමල්ගේ විරෝධය නොතකා මහින්ද ජවිපෙ නායකයින් හමුවෙයි

0

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් අනිද්දා දිනයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක් පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
විපක්ෂ නායකවරයා සමඟ පමණක් නොව සෙසු දේශපාලන පක්ෂ නායකයින් සමඟද අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව ඔහු සඳහන් කළේය.
මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ පැවති ජන රුළියක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම අදහස් පළ කළේය.කෙසේ වෙතත් මෙම සාකච්ඡාව සදහා විමල් වීරවංශ මන්ත්‍රීවරයා දැඩි විරෝධය දක්වමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here