විපක්ෂයේ නායකකම දෙන්න හිතක් තියනවාද නැද්ද කථානායක අදත් මොකක්දෝ කියන්න හදයි!

0

වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවිය යුත්තේ කාහටද? යන්න පිළිබඳ කථානායක කරු ජයසූරිය මහතාගේ ස්ථාවරය අද (10දා) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කිරීමට නියමිතය.

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මතු වූ යම් යම් කරුණු හේතුවෙන් මැතිසබය පසුගිය දිනවල දැඩි උණුසුම්කාරී ස්වරූපයක් ගත් අතර කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ මෙම පාර්ලිමේන්තු සතිය තුළදී තමා මේ පිළිබඳව තීරණයක් ලබාදෙන බවයි.

මේ සම්බන්ධයෙන් කරුණු රැසක් සැලකිල්ලට ගෙන නීති උපදෙස් ලබාගැනීමටද කථානායකවරයා ක්‍රියා කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 70 දෙනකු නියෝජනය කරන නිසා ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවිය යුතු බව සඳහන් කරමින් ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගියදා ලිඛිතව කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.

එම ඉල්ලීමට සාධාරණ පිළිතුරක් කථානායකවරයා ලබා නොදුණහොත් ඊට සාධාරණ පිළිතුරක් ලැබෙනතුරු පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් දැඩි විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ නියෝජිතයෙක්  ප්‍රකාශ කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here