විපක්ෂයේ ඉදන් ආණ්ඩුව පෙරළන හැටි චන්දිම කියයි

0

ආණ්ඩුවේ තවත් ප්‍රබලයන් කිහිප දෙනකු ළඟදීම තම කණ්ඩායමට එක්වන බව හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.එහෙත් තම කණ්ඩායමෙන් කිසිවෙකු ඇමතිධුර ලබාගැනීමට ආණ්ඩුවට නොයන බවද මන්ත්‍රීවරයා කියාසිටියේය.හෙතෙම මේ බව කීවේ කොළඹ 10, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු චන්දිම වීරක්කොඩි මහතා මෙසේද පැවසීය.‘අපි අට වැනි දා විපක්ෂයේ අසුන් ගන්නවා. ඒ තීරණයේ කිසිම වෙනසක් නෑ. අපි ලන්ඩනයට ගිහින් ජනාධිපතිතුමා හමුවෙලා ප්‍රශ්න කිහිපයක් ගැන සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී ජනාධිපතිතුමාගෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණා. අපි විපක්ෂයේ වාඩි වෙන්නේ ආණ්ඩුව පෙරළන්නයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here