විජයකලාගේ කොටි ප්‍රකාශය නිසා පාර්ලිමේන්තුව උණුසුම්….කථානායක සභාව අත්හිටුවයි…

කොටි සංවිධානය නැවත හිස එසවීම සදහා රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය සිදුකල ප්‍රකාශය නිසා අද පාර්ලිමේන්තුව උණුසුම් විය.එජාප මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් විමසීය.

“නෑ..මේක අපේ පක්ෂයේ මතය නෙමෙයි.මම එතුමියගෙන් ඇහුවා.යාපනයේ දැරියක් ඝාතනය කල නිසා ඒකේ හිතේ අමාරුවටයි ඇය එහෙම කියල තියෙන්නේ.අර පහුගිය දවස්වල හිට්ලර්ගේ කතාව වගේ තමයි.ඒකත් ඒ වගේ කතාවක්”අකිල කීවේය.

මේ අවස්ථාවේ විමල් වීරවංශ මහතා නැගී සිටියේය.

“මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙනකොට අපි දිවුරුම් දෙනවා.ආණ්ඩුක්‍රම වියවස්ථාව රකිනවා.වෙනම රාජ්‍යයක් බිහිකරන්න ඉඩ දෙන් නෑ කියලා.මෙතුමියගේ මන්ත්‍රී කම අහෝසි කරන්න ඕනා”විමල් කීවේය.දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාද එසේ කීවේය.අනතුරුව කථානායකවරයා කීවේ ඒ ගැන තීන්දුවක් පසුවට ලබාදෙන බවයි.පසුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවේ මැදට පැමිණ විරෝධය දැක්වීය..

“මේවට උත්තර දෙන්න කියාපිය.අගමැතිවරයට එන්න කියාපිය”කියමින් මන්ත්‍රී පිරිස විරෝධය දැක්වු අතර කථානායකවරයා සභාවේ කටයුතු අත්හිටුවීමට කටයුතු කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here