වැඩි වාසියට ශ්‍රිලනිප සහාය දෙනවා

0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් පළාත් පාලන ආයතන සදහා තේරී පත්ව ඇති නියෝජිතයන්ට ජනතාවට සේවය කිරීමට හැකියාව ලැබෙන පරිදි තනතුරක් දෙන පක්ෂයකට සහයෝගය ලබාදීමට අවශ්‍ය නිදහස ලබා දී ඇති බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා වාසල විත්ති වෙත කියා සිටියේය.

ඒ අනුව එම සහයෝගය ලබාදීම් දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රහණය කල පක්ෂ සමග සාකච්ඡා කර විසදීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කීවේය.

උදාහරණයක් ලෙස පොහොට්ටුවට වැඩි බලයක් හිමි පළාත් පාලන ආයතනයක ශ්‍රිලනිපට නියෝජ්‍ය සභාපති තනතුර ලබා දෙන්නේ නම් අදාළ පළාත් පාලන ආයතනයේ ශ්‍රිලනිප සභිකයින්ගේ සහාය පොහොට්ටුවට හිමිවන බවද සුමතිපාල මහතා වැඩි දුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here