ව්පක්ෂනායකම ගම්මන්පිලට දෙන්න අමරවීර මනාපයි!සන්ධානයේ තීරණය අද කථානායකට යවයි

0

මාධ්‍ය හමු පවත්වමින් විවිධ ප්‍රකාශ කරමින් විපක්ෂයේ කාර්යභාරය නිවැරැදිවම ඉටු කරන උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා විපක්ෂ නායක තනතුරට වඩාත්ම සුදුසු පුද්ගලයා ලෙස තමන් දකින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරයි.

අද වනවිට ගම්මන්පිල මන්ත්‍රිවරයා විපක්ෂයේ කාර්යභාරය ඉතාම සාර්ථකව ඉටු කරමින් සිටින බවද ඇමැතිවරයා කීවේය. විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පවතින අර්බුදය පිළිබඳව විශේෂ පැහැදිලි කිරීමක් අද (06දා) කථානායක කරු ජයසූරිය වෙත යවන බවද එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්වරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 8 දෙනකුගේ අස්සනින් යුතුව දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායක ලෙසට පත් කරන්නැයි ඉල්ලා ලිපියක් කථානායකවරයාට එවා ඇති අතර ඒ බව කථානායකවරයා විසින් තමන්ට දැනුම්දුන් බවද මහින්ද අමරවීර ඇමැතිවරයා ‘මව්බිම’ට කීවේය. ඒ අනුව තමන් කථානායකවරයාට සිය ස්ථාවරය පැහැදිලි කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රිවරුන් වන අතර ඔවුන් කිසිවකු තමන්ගෙන් විපක්ෂ නායක ධුරය ගැන විමසා නොමැති බවද අමරවීර ඇමැතිවරයා කීවේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here