වත්තල සභාපති පුටුවට තුන්කොන් සටනක්

0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගත් වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුර සදහා එජාප මන්ත්‍රීවරුන් තිදෙනකු අතර ගැටුමක් හටගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාසල විත්ති වෙත කියාසිටියේය.

පොදුජන පෙරමුණට එහි මන්ත්‍රී ආසන 15 ක් හිමිවු අතර එජාපයට හිමිවූයේ මන්ත්‍රී ආසන 14 කි.ශ්‍රිලනිප අපේක්ෂකයන් සිව් දෙනාගේ සහායද එජාපයට හිමිව තිබේ.ඒ අනුව එජාප ශ්‍රිලනිප සහයෝගයෙන් සභාව පිහිටුවීමට එජාප තීරණය කර තිබේ.කෙසේ වෙතත් දැනට එහි සභාපති තනතුරු සදහා නිමල් පෙරේරා,චාල්ස් රන්මුතු සහ අනුර පතිනායක යන අය අතර ගැටුමක් අතැයි වාර්තාවේ.මේ තිදෙනා අතරින් සභාපති තනතුරු ලබාදෙන මන්ත්‍රීවරයා කවුරුන්දැයි තෙරීම සදහා අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කමිටුවක් පත්කර ඇති බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here