ලොකුබණ්ඩාරට හොදයි…අපිට බැන්නේ තිරිසනුන්ට වගේ….අමරවීර මහින්ද ගැන කියයි

0

වැව් දහසයි ගම් දහසයි වැඩසටහන යටතේ බෙලිඅත්ත අංපිටිය වැව ප්‍රතිසංස්කරන කිරීමේ සාමාරම්භක උත්සවයේ 18 දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙහිදි වර්ථමාන දේශපාලන ත්ත්වය පිළිබද අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ හිටපු ජනපති මහින්ද රාජපක්ශ තමා සංවේදී මානව හිතකාමි නායකයෙකු ලෙස හදුන්වා ගත්තද පසුගිය දිනක ඔහුගේ පෞද්ගලික ලේකමිවරයාට මාධ්‍ය ඉදිරියේ ඉතා පහත් ආකාරයෙන් බැනවැදිම ජනතාවගේ පීලිකුලට හා උදහසට ලක්වීමට හේතුවන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ ‘ගිය ආන්ඩුව කාලේ අපෙන් සුලු අතපසුවීමක් උනත් අපටත් මහින්ද මහත්තයා ඔය වගේ තිරිසන් සතුන්ට වගේ තමයි බැන අඩ ගෑවෙ. ඒ ක්‍රියාකලාපය නිසා ජ්‍යේඹ්ඨ ඇමතිවරු ගොඩක් කලකිරුනා’ යැයි ද ඇමතිවරයා කීවේය.පිටට පෙනෙන්නට තිබෙන කරුණාව දයාව ඔහු ලඟ නොමැති බවද ඇමතිවරයා කියා සිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here