ලාඕසයේ අගමැති ලංකාව ගැන රනිල්ට කිව්ව කතාව

0

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය ඉරිදා රාත්‍රියේ වියට්නාමය බලා පිටත්ව ගියේය. ඒ වියට්නාමයේ හැනොයි නුවර පැවැති ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීම සඳහාය. මේ අවස්ථාවට ඇමැති මලික් සමරවික්‍රම, අකිල විරාජ් කාරියවසම්, අගමැති ලේකම් සමන් ඒකනායක අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එම සමුළුවට ලෝකයේ රටවල් බොහෝමයක් නියෝජනය කරමින් රාජ්‍ය නායකයන් විශාල පිරිසක් එක්ව සිටි අතර අගමැතිවරයා දකුණු කොරියාව, ලාඕසය, කාම්බෝජය සහ වියට්නාමය ඇතුළු රටවල රාජ්‍ය නායකයන් හමුවී ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීය. ඊට අමතරව අගමැති රනිල් ආසියාන් සංවිධානයේ මහ ලේකම් ජොක් හොයි ලිම් හමු වී සාකච්ඡා පැවැත්වීමද විශේෂත්වයකි. මෙහිදී ථෙරවාදී බුදු දහම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරිණි.

ආසියාන් සංවිධානයේ රටවල් ගණනාවකම ප්‍රචලිත වෙලා තියෙන්නේ ථෙරවාදී බුදුදහම, ථෙරවාද බුදු දහම ප්‍රචලිතව ඇති ආසියාන් සංවිධානයට අයත් නොවන එකම රට ශ්‍රී ලංකාව මේ ආගමික සම්බන්ධතාව මත ආසියාන් රටවල් සමඟ සමීපව කටයුතු කිරීමේ පොදු පදනමක් අපේ රටට තියෙනවා’ අගමැති රනිල් මෙහිදී කීවේය.

අනතුරුව බදාදා පස්වරුවේ හැනොයි නුවර මැරියට් හෝටලයේදී අගමැතිවරයා සහ දකුණු කොරියානු විදේශ අ

ැමැතිනි කං ක්‍යුං වා හමු වී සාකච්ඡා පැවැත්වීය. ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු කර්මාන්ත කලාපයක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු විය.

‘මේ වගේ කර්මාන්ත කලාපයක් ලංකාවේ ඇති කළාම අපේ රටවල් දෙකටම එයින් ප්‍රතිලාභ ලැබෙනවා. නව උපාය මාර්ග රැසක් ඒ මඟින් බිහිවෙනවා. ඔබතුමියට බොහොම ස්තුතියි. මේ යෝජනාවට’ ඇමැති මලික් දකුණු කොරියානු විදේශ ඇමැතිවරියට කීවේය. අනතුරුව දෙරටේ කෑම ජාතිවලින් සමන්විත භෝජන සංග්‍රහයක්ද පැවැත්වීම විශේෂත්වයකි.

අනතුරුව අගමැති රනිල් සහ ලාඕසයේ අගමැති නොංල්‍යුන් සිප්‍යුනිල් අතර විශේෂ හමුවක් ‘ආසියන්’ සමුළුව අතරතුර පැවැත්විණි. ශ්‍රී ලංකිකයන්ට ලාඕසයේ වීසා රෙගුලාසි ලිහිල් කරලීම සම්බන්ධයෙන් අගමැති රනිල් ලාඕසයේ අගමැතිවරයාට සිය ස්තුතිය පළ කළේය.

‘මම නියෝජ්‍ය අගමැතිවරයා ලෙස ඉන්නකොට ඔබේ රටට ඇවිල්ල තියෙනවා. ඒ සංචාරය මට ජීවිතේ කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඔබේ රටෙන් එදා මට ලැබුණු පිළිගැනීම ඉමහත්. එය අද වගේ මට මතකයි.’ යැයි ලාඕසයේ අගමැතිවරයා මෙහිදී කීවේය.

අනතුරුව ලාඕසයේ සංචාරයක් සඳහා පැමිණෙන අගමැති රනිල්ට ආරාධනා කිරීමටද විශේෂත්වයකි.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ ‘ආසියාන්’ සමුළුව අතරවාරයේ අගමැතිවරයා සහ කාම්භෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන් අතර විශේෂ හමුවක් පැවැත්විණි. දෙරට අතර නව ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීම කෙරෙහි අගමැතිවරු දෙදෙනා මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වූහ.

ඊට අමතරව දෙරට අතර වීසා රෙගුලාසි ලිහිල් කිරීමේ මූලික පියවරක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික රාජකාරි ගමන් බලපත්‍ර වීසාවලින් නිදහස් කරලීමටද අගමැතිවරු එකඟතාවකට පැමිණියහ.

අනතුරුව බ්‍රහස්පතින්දා පස්වරුවේ ‘ආසියන්’ සමුළුවට සමගාමීව ‘ආසියානු භූ දේශපාලනික ස්වරූපය’ මැයෙන් පැවැති සාකච්ඡා මණ්ඩපයට අගමැතිවරයා එක්විය.

‘ආසියානු ආර්ථිකයේ අනාගතය ර¼දා පවතින්නේ ඉන්දු ශාන්තිකර සාගර නිදහස් නාවික ගමනාගමනය මත ඒ නිසා කලාපීය බලවතුන්, සාගරය භාවිත කරන්නවුන්, කලාපීය සමුද්‍රාසන්න රටවල් හා සියලු පාර්ශ්වයන් එක්ව පිළිගත් සම්මතයන්ට අනුකූල නිදහස් සාගර ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වැදගත්’ යැයි අගමැතිවරයා ලෝක බලවතුන් හමුවේ පැවැසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here