ලන්සා දයාසිරිට මහ පදයෙන්ම අමතයි! දයාසිරි සභාවෙන් එලියට දුවයි

0

“උඹ දැනගනින් මම නිමල් ලංසා.. අනිත් උන් එක්ක දාන සෙල්ලම් මමත් එක්ක දාන්න එන්න එපා.. නායකයෝ දෙන්නා කොටවන්න උඹට එක එක දේවල් කියන්න හොඳයි.. අපි මොකක් හරි කිවුවහම තමයි ප්‍රශ්නේ” පාර්ලිමේන්තු සභා ගැබේදී ශ‍්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකරට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් ලංසා විසින් මෙසේ බැණ වැදී තිබේ.
අනුර ප‍්‍රියදර්ශණ, ලක්‍ෂමන් වසන්ත පෙරේරා සහ නිමල් ලංසා යන මන්ත‍්‍රීන් තිදෙනා පාර්ලිමේන්තුවේ අසුන්ගෙන කතාබහ කරමින් සිටියවදී එහි පැමිණි දයාසිරි ජයසේකර මහතා විසින් ලංසා මහතාට චෝදනා කර ඇත්තේ අයවැය විවාදයේදී ශ‍්‍රීලනිප ගත් ස්ථාවරය සම්බන්දයෙන් මාධ්‍ය වෙත පල කල අදහස් සම්බන්ධයෙනි.
තමන් උසාවි ගොස් එද්දී මාධ්‍ය විසින් කල විමසීමකට පිලිතුරු දුන් බව නිමල් ලංසා පවසද්දී ජයසේකර මහතා දිගටම ඔහුට දොස් පවරා ඇත.
ඉන් කෝපයට පත් මන්ත‍්‍රී නිමල් ලංසා අමු තිත්ත කුණුහරුපයෙන් සභා ගැබ තුලදීම මහ ලේකම්වරයාට බැණ වැදී ඇති අතර මෑතකදී හෘද සැත්කමකටද ලක් වූ ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.
ඉන් ටික වේලාවකට පසු පාර්ලිමේන්තු ලොබියේදී දයාසිරි ජයසේකර මහතා ලක්‍ෂමන් වසන්ත මහතා සමගින් කියා තිබුනේ තමන් චෝදනා කලේ වෙන අයෙකුට වුවත් ලංසා වැරදි ලෙස වටහා ගත් බවත්ය.
මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා මෑතකදී ජන හමුවක කියා සිටියේ ශ‍්‍රීලනිප හොරිකඩයන් සිටිනා තාක් කල් අයවැය පරාජය කල නොහැකි බවය.
ජයසේකර මන්ත්‍රීවරයා මේ දිනවල අනවශ්ය ප්‍රකාශය කරමින් විවිධ ගැටුම් ඇති වී තිබේ අතර ඒ ගැන ජනාධිපතිවරයාද ඔහුට දැඩිව දොස් නගා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here