‘රෝ’ එකට මම ගැන කිව්වේ කවුද කියල මම දන්නවා…ඒක ගිහින් නායකයට කියනවා….මෛත්‍රී පාර්ලිමේන්තුවේදී රංජන්ට හොදටම දෙහි කපයි!

0

 

ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රිවරුන් බොහෝ දෙනෙක්ද එක්ව සිටියහ.

ජනාධිපතිතුමනි, ඔබතුමාව ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරපු සිදුවීම ගැන සුළුකොට තකන්න බෑ. ඒකේ පරීක්ෂණ යන විදිය ගැන අපිට නම් හිතාගන්න බෑ. විමල් වීරවංශ මනත්‍රිවරයා ප්‍රශ්න කළේය.

‘නෑ, නෑ, මම කිසිසේත් එය සුළුකොට තකන්නේ නෑ. මම මුල ඉඳලාම කිව්වේ පරීක්ෂණ හරියට කරන්න කියලා. මට සී.අයි.ඩී.ය ගැන විශ්වාසයි. ඒ පරීක්ෂණ කෙරෙනවා” මෛත්‍රි කීවේය.

“ඉන්දියානු ජාතිකයෙක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා. ඒ පරීක්ෂණ ගැන මොකද වෙන්නෙ කියල තවම තොරතුරක් නෑ.” විමල් කීවේය.

“එයා පිස්සෙක් කියලා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කියලා තිබුණා” රන්ජන් රාමනායක කීවේය.

“ජනාධිපතිතුමනි මම ඔබතුමාගෙන් අහන්නේ මේ ඉන්දියානු ජාතිකයො ඔක්කොම ගැන මහ කොමසාරිස් කාර්යාලයේ විස්තර ගන්න පුළුවන් දත්ත ගබඩාවක් තියෙනවාද? බොරුවක් කිව්වොත් එයා පිස්සෙක් විදිහට කියන්න” විමල් කීවේය.

එහිදී ජනාධිපතිවරයා කීවේ මේ ගැන පරීක්ෂණ යට ගැසීමට කිසිසේත් ඉඩ නොතබන බවය.

“ජනාධිපතිතුමනි… මේක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්. මේ පරීක්ෂණ යන විදිය හරිම මන්දගාමීයි. ඒකයි අපට හිතාගන්න බැරි එකම කරුණ” වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා මෙහිදී කීවේය.

“නෑ මම ඒක බලනවා. මම අවශ්‍ය කටයුතු කරනවා.” මෛත්‍රි කීවේය.

“අපේ නායකතුමාටත් ජීවිත තර්ජන තියෙනවා” මයන්ත දිසානායක මන්ත්‍රිවරයා මෙහිදී කීවේය. එහෙත් ඒ සඳහා කිසිවකු ඇහුම්කන් නොදීමද විශේෂත්වයකි.

රණවිරුවන්ට දඬුවම් කිරීම ගැනද විමල් කතා කළේය.

“රට බේරගත්ත රණවිරුවො අද හිරගෙවල්වල. ඔවුන්ට කිසිම සරණක් නෑ. මේ අය යුද්ධයක් කළේ අපේ රට බේරගන්න. හැබැයි අද ඔවුන්ට අත්වෙලා තියෙන ඉරණම හරිම ශෝචනීයයි. එෆ්.සී.අයි.ඩී.යෙ නිශාන්තද සිල්වාට ඩයස්පෝරාවෙන් සල්ලි දෙනවා. මේවා ගැන ඇයි හොයා ගන්නෙ නැත්තේ” විමල් කීවේය.

“රණවිරුවන්ට අපි සලකන්න ඕනේ. හැබැයි ඔවුන් වැරදි කරලා තියෙනවානම් දඬුවම් දෙන්න ඕනේ” රන්ජන් රාමනායක කීවේය.

උපදේශක කාරක සභාව අවසන් වී මෛත්‍රි නැඟිට යන විට ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුද ඊට පිටුපසින් ගියහ. රන්ජන්ද ජනාධිපතිවරයා අසලටම ගියේය.

“විමල් කියපු දේ හරියටම හරි. ඒ මිනිසුන්ට විතරයි රට ගැන ඇල්මක් තියෙන්නෙ. ඕගොල්ලන්ගේ නායකයන්ටත් මේවා කියලා දෙන්න ඒ විතරක් නෙමෙයි කැබිනට් තොරතුරු හින්දු පත්තරේට දුන්නෙ කව්ද කියල මම දන්නවා ඒ අය හැදුවෙ මාවයි ඉන්දියාවයි අමනාප කරන්න ඒකත් ඔයාගෙ නායකයට කියන්න” මෛත්‍රි ඇඟට පතට නොදැනී කීවේය.

විපක්ෂයේ මන්ත්‍රිවරුන්ද කාරක සභාව අවසන් වී ආගිය තොරතුරු කතාබහ කරමින් කමිටු ශාලාවෙන් එළියට පැමිණියේය.

“උඹ මාර කතාවක්නෙ කිව්වේ. රන්ජන්ටත් පිස්සා කිව්වා නේද?” දායසිරි විමල්ට කීවේ සිනා සෙමිනි.

‘ආ ඔව් නේද? ඒක පොරටත් වැදුණනෙ” විමල්ද සිනා සෙමින් කීවේය. මඳ වේලාවක් යන විට ඉහළම හමුදා ප්‍රධානියකුගෙන් විමල්ට දුරකථන ඇමතුමක් ලැබිණි.

“ඔබතුමා බොහොම හොඳයි. අද අපේ රණවිරුවන් ගැන කතාකරන්න කවුරුත් අපට නෑ” හමුදා ප්‍රධානියා කීවේය.

කෙසේ වෙතත් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන මේ වන විට පරීක්ෂණ ආරම්භ වී තිබේ. හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරමින් සිටී. ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා පිළිබඳව දේශපාලන කරළියේ මේ දිනවල දැඩි කතාබහක් ඇතිව තිබේ. එම නීතිඥවරයා ආසන සංවිධායක ධුරයක් දැරීම ඊට හේතුවයි. නීතිඥ අජිත් පතිරණ නාලක ද සිල්වා වෙනුවෙන් පෙනී සිටී. ඔහු එක්සත් ජාතික පක්ෂයේ බොරැල්ල ආසනයේ සම සංවිධායක තනතුරේද කටයුතු කරනු ලබයි

.මව්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here