රෝහණ ගෙදර යන්න තව කල්ගනී

0

සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයට ප්‍රථම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ අවසන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස “මව්බිම”ට පැවැසීය.

මේ වන විට එම වැඩපිළිවෙළේ 65%ක් පමණ අවසන් කර ඇති බවද මහ ලේකම්වරයා කීවේය.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම සහ සෑම ආසනයක්ම නියෝජනය වන පරිදි බල මණ්ඩල පිහිටුවා පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ අවසන් කිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.

පක්ෂ බල මණ්ඩලවලට සමගාමීව තරුණ කාන්තා සහ වෘත්තීයවේදී බල මණ්ඩලද පිහිටුවා කඩිනමින් තමා වෙත වාර්තා කරන ලෙස සියලු ආසන සංවිධායකවරුන්ට දන්වා ඇති බවද රෝහණ ලක්ෂ්මන් පියදාස වැඩිදුරටත් කියා සිටියේය.

මව්බිම

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here