රෝසි නිල නිවසට රත්තරං තණකොළ අල්ලයි!

නිල නිවාසයේ වැසිකිළිය අලුත් වැඩියා කිරීම සදහා රුපියල් ලක්ෂ 57ක් වියදම් කල බවට මාධ්‍ය හරහා දැඩි කතාබහට ලක්වු කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය එම මුදල වියදම් කර ඇත්තේ කිසිදු ටෙන්ඩර් කැදවීමක් නොකර බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාසල විත්ති වෙත හෙළිදරව් කළේය.නගර සභාවේ අදාළ අංශය මගින් මේ සදහා ටෙන්ඩර් කැදවීමක් සිදුකිරීමට කටයුතු කල අතර නගරාධිපතිනිය විසින් එය නතර කර තිබේ.කෙසේ වෙතත් කොළඹ නගරාධිපති නිල නිවසේ තණකොළ පිඩලි ඇල්ලීම සදහාද රුපියල් ලක්ෂ දහයක් වියදම් කර ඇති බවද අලුතින් ලැබුණු ආරංචි මාර්ග සදහන් කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here