රුපියල වැටෙනකන් ආර්ථික සභාව මොකද කලේ? එජාප මන්ත්‍රීවරුන් මෛත්‍රීගෙන් අහන්න යයි!

0

ලෝකය පුරා බලපා ඇති ආර්ථික අර්බුදය ශ‍්‍රී ලංකාවට කරන බලපෑම්වලට පිලියම් ලෙස පුරා ගෙන ඇති පියවරයන් මොනවාදැයි ජාතික ආර්ථික සභාව පැහැදිලි කල යුතු බව එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රීවරුන් කියති.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල් මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් ජාතික ආර්ථික සභාවෙන් ප‍්‍රශ්න කිරීමට අදහස් කර සිටින බවයි.

ඩොලරයේ වටිනාකම වැඩිවී ගෝලීය ආර්ථික අර්බුදයක් ඇති වන බව වේලාසන දැන සිටියද ඒ සදහා ගත් පියවරයන් මොනවාදැයි ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් දරන ජාතික ආර්ථික සභාව පැහැදිලි කල යුතුව ඇති බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

මේ දිනවල විදෙස් සංචාරයක නිරතවන අගමැතිවරයා මෙරටට පැමිණි වහාම මේ සම්බන්දයෙන් ජනාධිපතිවරයාගෙන් විමසිමට අනුමැතිය බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කලේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here