රාජිතගේ චතුර පුතා අරලියගහ මන්දිරයේදී රාජකීය මගුලක් ගනී..ආරාධනා පත්‍රයට රුපියල් 8000යි..කේක් ගෙඩිය වහලයේ ගෑවෙයි

0

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගලෝත්සවය මේ වන විට අරලිගහ මන්දිරයේදී පැවැත්වෙයි.

රජ දවසින් පසු රජ මැදුරක පැවැත්වෙන පලමු විවාහ මංගලෝත්සවය මෙය වෙයි.

මෙම මංගල උත්සවය සදහා සාදා ඇති සුවිශේෂ විවාහ ආරාධනා පත‍්‍රයක් සදහා රුපියල් 8000ක පමණ මුදලක් වියදම් කර ඇති බවත් ආරාධිතයන් 3000කට පමණ ආරාධනා කර ඇති බවටත් වාර්තා වේ.මෙම ආරාධනා පත්‍රයේ රොස මල් පෙති අතුරා නැවුම් බව ආරක්ෂා වන අයුරින් නිර්මාණය කර තිබීමද විශේෂත්වයකි.මැති ඇමතිවරුන්,රාජ්‍ය ආයතනය ප්‍රධානීන්,කලා කරුවන්,මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටීමද විශේශත්වයකි.මංගල කේක් ගෙඩිය අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ වහලයේ ගෑවෙන බවද වාර්තාවේ.

ඡායාරූප lanka cnews

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here