රාජ්‍ය දැව ශාන්තටත් දෙයි

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබේ.ජනාධිපති නිළ නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද පස්වරුවේ සිය පත්විම් ලිපිය ලබාගත්තේය.රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පී. දිසානායක මහතා අල්ලස් චෝදනාවට ලක්ව අත්අඩංගුවට ගැනීමත් සමග ඔහු එම ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.ඉන් අනතුරුව අනුරුද්ධ පොල්ගම්පල මහතා සභාපති ධුරයට පත් කෙරුණ ද එම පත් කිරීම පිළිබඳ විවිධ පාර්ශවලින් චෝදනා එල්ල වීම හේතුවෙන් ඊයේ(10) දිනයේ පොල්ගම්පල මහතා එම ධූරයෙන් ඉවත් කෙරුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here