රනිල් යන්නේ 2030…නායකත්වයේ වෙනසක් නෑ…සජිත් තව අවුරුදු 12ක්ම නියෝජ්‍ය නායක

0

සංවත්සර උත්සවයේදී අගමැති රනිල් කියූ කතාවක් ගැන දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ කතාබහට ලක්ව ඇත. විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන්ද ඒ ගැන වේදිකාවල කතාබහ කරමින් සිටී. මෙහිදී අගමැතිවරයා කීවේ 2025 වනතුරු පක්ෂයේ ඉදිරි කටයුතු තමා බලාගන්නා බවත් පක්ෂය භාර ගැනීමට 2030 දෙවැනි පෙළ නායකයන්ට සූදානම් වන ලෙසය. සංවත්සර උළෙලට පැමිණ සිටි පිරිස් අතරද මේ ගැන කසුකුසුවක් ඇති විය.

‘නායකතුමාට 80 වෙනකොට තමයි අපිට පක්ෂයේ තැනක් එන්නෙ’ එහි සිටි තරුණ මන්ත්‍රිවරයකු කීවේය. නමුත් එම ස්ථානයේදී කිසිවකු ඊට පිළිතුරු නොදීමට වගබලා ගත්හ.

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාවන් ගැන කතා බහ කරන පිරිස අතර මෙන්ම ආණ්ඩු පක්‍ෂයේ දේශපාලනඥයන් අතරද මේ දිනවල වැඩි කතාබහට ලක්වන චරිතයක් සිටී. ඒ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂය. එක්සත් ජාතික පක්‍ෂ 72 සංවත්සර උළෙලේදීද බැසිල් ගැන බොහෝ දෙනකු කතා බහ කළෝය. ඒ ගැන වැඩිපුරම කතා කළේ අමාත්‍ය නවීන් දිසානායකය. නවීන්ගේ පියා වන ගාමිණී දිසානායකගේ කුලුපග මිතුරෙක් ලෙස බැසිල් රාජපක්‍ෂ එවකට සිටි බව නොරහසකි.

මෙම ගතවූ වසර 72 තුළ අපි නායකයෝ හත්දෙනෙක් බිහි කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බිහිකර තියෙන්නේ නායකයෝ හතර දෙනයි. රහස් ඡන්දයකින් පක්‍ෂ නායකත්වයට තෝරලා තියෙන්නේ. අපි එහෙමයි පක්‍ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කළේ. පසුගිය මැතිවරණයේදී පොඩි පසුබෑමක් ලැබුවත් ශක්තිමත්ව පක්‍ෂය ඉදිරියට ගෙන යන බව කිව යුතුයි. පසුගිය පෙබරවාරි 10 වැනිදා ඉන් පසුව අපි පාඩමක් ඉගෙන ගෙන තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය පත්තු කළේ පුස් වෙඩිල්ලක්. නාමල් බේබිට බැරිවුණා ජනතාව කොළඹට ගෙන්නන්න. මොකද එතැන බැසිල් බාප්පා නෑ. බාප්පට කලින් පුතාව උඩින් දාන්න ගියා. අපි එහෙම නෙවෙයි. අපි පහළ සිට ඉහළට නායකයෝ හදන පක්‍ෂයක් යැයි නවීන් මෙහිදී කීවේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here