රනිල් ආයේ අගමැති උනොත් මම එක මොහොතක් ඉන්නෙ නෑ….මමයි මහින්දයි ඉන්නකම් ෆෙඩරල් නෑ……මෛත්‍රී රනිල්ට දෙහි කපයි!

0

මම මේ පුටුවේ  ඉන්නකම් උතුරු නැගෙනහිර එකතු කරන්නෙත් නැහැ, ෆෙඩරල් කරන්නෙත් නැහැ.‘ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවේදී ප්‍රකාශ කර ඇත.

එම කරුණු දෙක ඉටු කර ගැනීමට නම් තමා මරා දැමිය යුතු යැයිද ජනාධිපතිවරයා පවසා තිබේ.

එසේ වුවද උතුරු නැගෙනහිර එකතු කරනා බවට හා ෆෙඉරල් දෙන බවට සමහරුන් සපථ කර ඇතැයි ද ජනාධිපතිවරයා පවසා ඇත.

මහින්ද රාජපක්ෂ මහතාත්, තමාත් අවබෝධයෙන් කටයුතු කරන බව පවසා ඇති ජනාධිපතිවරයා ඉදිරියේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර ඇතැයි කී ජනාධිපති සිරිසේන මහතා ඒ ගැන බියක් ඇතිකර නොගන්නැයි ඉල්ලීමක්ද කර ඇත.

මෙම හමුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (31) දහවල් පැවැත්විණි. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් නැවත අගමැති කළහොත් තමා ජනාධිපති පුටුවේ පැයක්වත් නොසිටින බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවේදී ප්‍රකාශ කර ඇත.

තමා 2015 ජනවාරි අට වැනිදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර එක්තරා තද බල පියවරක් ගත් බවත්, අද ගෙන ඇත්තේ ඊටත් වඩා තද බල පියවරක් බවත් පවසා ඇති ජනාධිපතිවරයා එසේ කළේ රටත් ජනතාවත් ගැන සිතා බව ද සඳහන් කර තිබේ.

තමා 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කර සිටියදී එජාපයේ ලේකම්වරයකු තමාට ලිපියක් ගෙනැවිත් දුන් බව පවසා ඇති ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කළ යුතු බව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අහවල් වගන්තිය යටතේ ජනාධිපති සතු බලතල අගමැතිවරයාට පවරණ බවට අත්සන් කරන්නැයි එහි සඳන්ව තිබූ බව ද පවසා ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කළ හැකි නමුත් ඒ කියන ආකාරයට ජනාධිපති බලතල ඔහුට පැවරිය නොහැකි බවත් සඳහන් කරමින්, තමා එජාප නායකයින් වෙත ලිපියක් යැවූ බවද ජනාධිපති සිරිසේන මහතා සඳහන් කර ඇත. රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ ඒ ආකාරයෙත් බව පවසා ඇති ජනාධිපතිවරයා තමා පසුගිය වසර තුන හමාර ගත කළේ ඉතාම අසීරුවෙන් බව ද සඳහන් කර තිබේ. මේ තත්ත්වය හමුවේ තමා, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ තවදුරටත් ඊට ඉඩදිය නොහැකි නිසා බව ද ජනාධිපති සිරිසේන මහතා පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here