රංජිත් අළුවිහාරේ අගමැතිට දෙහි කපයි!දේශපාලන තීන්දුවක් ගනී…මැයි රැළිය වර්ජනය කරයි

(මාතලේ මහේෂ් කිර්තිරත්න)

දිර්ඝ කාලයක් පක්ෂයේ රැදී සිටිමින් කටයුතු කළ  අයට ඇමති මාරුවේදී සාධාරණය ඉටු නොවුණු බවත් ඉදිරියේදි සාධාරණයක් ඉටු නොවුණහොත් දේශපාලන තින්දුවක් ගන්නා බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි,රත්තොට එ.ජා.ප ප්‍රධාන සංවිධායක රංජිත් අලුවිහාරේ මහතා 05දා මාතලේ දි පැවති මාධ්‍ය හමුවකදි පැවසිය.

මාතලේ අලුවිහාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා මෙසේද පැවසිය.

පක්ෂ මාරු කළ අයට පක්ෂය සලකනවා . පක්ෂෙ මාරු කරන්න ඕනෑ එහෙම නැත් නම් පක්ෂය විවේචනය කරන්න වෙනවා තනතුරු ගන්න  මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව ඡන්දය දුන්නේ බලාපොරොත්තු ඇතිව . එකක් කොට්ඨාශය දියුණුවිම . අනෙක පාක්ෂිකයො අවුරුද 20 ක් දුක් වින්ද . අඩු තරමින් මේ අයට රස්සාවක් ගන්න  . දේශපාලන පලි ගැනීම් සම්බන්ධයෙන් සාධාරණව ක්‍රියාත්මක වෙලා නැහැ . පක්ෂය උදෙසා නැති වුනු ජීවිතවලට වන්දි ලැබී නැහැ . අවුරුදු 3ක් ගියා . බලාගෙන හිටියා . මම කවදාකවත් පක්ෂය විවේචනය කලේ නැහැ . අවුරුදු 14 ක් පාර්ලිමේන්තුවේ ඉන්න මට කිසිම තනතුරක් නැහැ . අලුවිහාරේ පවුල අවුරුදු 82 ක් තිස්සේ පාර්ලාමේන්තුව නියෝජනය කරනවා . 1936 සිටම බර්නාඩ් අලුවිහාරේ . මගේ පියා ඇලික් අලුවිහාරේ . ඊලගට  මම . කිසිම තනතුරක් පක්සෙන් අපට දීල නැහැ . අඩුම වශයෙන් යෝජනා කරලවත් නැහැ . මහජනයා අපිව අවංකයි අවශයයි කියල ඡන්දය දුන්නත් පක්ෂයට අපේ අවංක භාවය පෙනිල නැහැ . තනතුරු ගන්න එක්කො හොරකම් කරන්න ඕනැ . එහෙම නැත් නම් පක්ෂය විවේචනය කරන්න ඕනෑ . එහෙමත් නැත් නම් වෙනත් පක්ෂයකට ගිහිල්ල ඒන්න ඕනැ . අවුරුදු 3 ක් මේ ආණ්ඩුව දිහා බලා ගෙන හිටියා . මැයි රැළිවලට ගියා . සම්මේලනවලට ගියා . ඒත් මේ ගමන දිස්ත්‍රික්කයේ  එ.ජා.පාක්ෂිකයින්ගේ තීරණය මැයි රැළියට යන්නේ නැහැ කියන එක . මම ගියා කියල එ.ජා.ප.යේ සෙනග අඩුවෙන්නේ නැහැ . අපි ගියෙ නැහැ කියන එකෙන් කෙරෙන්නේ පක්ෂයට කතිර අඩු වෙනවා කියන එකයි . අද එ.ජ.ප.ය අන්තිම අඩියට වැටිලා . ශ්‍රී..ල.නි.ප.යයි පොහොට්ටුවයි හැප්පෙනකොට එ.ජා.ප.ය නිකන්ම දිනයි කියල නායකයො කීවා . අපේ අයත් නගරාධිපතිකම් සභාපතිකම් ගන්න බලාගෙන හිටියා . කැබිනට් ඇමතිවරුන් 2 යි , උප ඇමතිවරු 2 යි . පළාත් ඇමතිවරු 2 යි .පළාත් සභාපති මාතලේ . මෙහෙම තියෙද්දි අපි මාතලේ දිනුවා . ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ සම්පූර්ණ මුදල් බලය තියෙද්දි අපි ජයග්‍රහණය කළා . ඒත් අද අපට වෙලා තියෙන්නේ පක්ෂය ජයග්‍රහණය කළ දේ නැති වෙලා තියෛනවා . එක් ප්‍රදේශීය සභාවක් හෝ දිනා ගැනීමට නොහැකි උනා . මාතලේ මහ නගර සභාව ජයග්‍රහණය කලේ තොණ්ඩමන් ,  මනෝ ගනේෂන් දෙදෙනාගේ සහායදීම නිසයි . මේ සියල්ල බලා ගෙන ඉන්න බැහැ . මේ නිසයි මැයි දින වර්ජනය කරන්නේ . මං වගේම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මැයි රැළියට යන්නේ නැහැ .මගේ තීරණය මම ගත්තා . පක්ෂයේ මහා ලේකම්ට කීවා නොඑන බව . පක්ෂයේ අනාගතය අදුරේ . ආසන සංවිධායකවරයෙකු 3 පාරක් පැරදුන හොත් ආසනේ අහිමි වෙනවා . හැබැයි පක්සෙ ජයග්‍රහණය නොකලහොත් මේවා වෙනස් වෙන්නේ නැහැ . උඩ ඉදල පල්ලේහාටද  පල්ලෙහා ඉදල උඩහටද කියන එක පාක්සිකයා තීරණය කරයි . සැප්තැම්බර් පළාත් සභා ඡන්දෙ ජයග්‍රහණය නොකලහොත් එක්සත් ජාතික පක්ෂයට ජීවිතයටම නැගිටින්න බැහැ .  2019 ජනාධිපති අපේක්ෂකයො හයර් කලොත් එක්සත් ජාතික පක්සෙන් පළවෙනියටම එළියට බහින්නේ මම . පක්සෙ නායකයො ඉන්නවා ඉදිරියට යාමට හැකි . මේ අයට තැනක් දුන්නොත් ජයග්‍රහනය බලන්න පුලුවන් . සමහර අය පක්ෂ නායකත්වය ගන්න කව්රුත් නැහැ කියල කියනවා . පක්ෂ නායකත්වය හිස් වෙලා නැති නිසයි කව්රුත් ඉදිරිපත් වෙන්නේ නැත්තේ . පක්ෂ නායකත්වය මාරු වෙන්න ඕනැ කියල යෝජනා කලොත් නැත් නම් ස්වාධීනව ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව දුනහොත් කව්ද නායකයා කියල තේරෙයි . නායකත්වයට හා ජනාධිපති අපේකෂ්කත්වයට සුදුස කෙනෙක් මන්ත්‍රීවරු තෝරලා දෙයි . රනිල් වික්‍රමසිංහ නායකයාගේ ජයග්‍රහනය වෙනුවෙන් අට වතාවක් මම උදව් කරලා තිබෙනවා . තනතුරු රකින්න . මගේ පියා පස් පාරක් උදව් කරලා තියෙනවා . එතුමට අපහාස කරන්න ආව වෙලාවෙ ඒක වලක්වලා තියෙනවා . දැන්  මට අවශ්‍ය වෙලා තියෙන්නේ මාතලේ ජනතාව ආරක්ෂා කිරීම පමණයි  . වෙනත් පුද්ගලයෝ ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවක් මට නැහැ . මට වදින්න තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවට පමණයි. මට ඡන්දය දුන්නු අය රැක ගැනීමට මම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීමට වුවද සූදානම්  යැයිද අලුවිහාරේ මහතා පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here