රංජන් රාමනායකත් කළු ගලේ ඔලුව හප්පා ගනී!

0

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත් විය යුතුයැයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.සියල්ලන්ටම කල් ඉකුත් වීමේ දිනයක් ඇති නිසා තවත් අයට බැට් කරන්න අවස්ථාව දෙන්නැයි රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවද රන්ජන් රාමනායක මහතා කියා සිටී.

වික්‍රමසිංහ මහතාට බැට් කරන්න බොහෝ අවස්ථාවන් ලද බවත් දැන් සජිත්ට, නවීන්ට ආදී පිරිසටද ඊට අවස්ථාව ලබා දෙන්නැයිද නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.

“නෑ මං අවුට් නෑ.. මට ආයේ බැට් කරන්න ඔන’ කියමින් පොඩි කාලේ සල්ලම් කරනවා වගේ හැමවෙලේම එතුමම බැට් කරන්න ඉල්ලන එක වැරදියි.ඒක හොද මදි එතුම කියන්න ඕන දැන් රන්ජන් ඔයා බැට් කරන්න මං බෝල් කරන්නම් කියල.2002 බැට් කරන් දුන් අවස්ථාවෙන් එතුමා සෙන්චරියක් ගසා 2004දී අවුට් උනා.2010දී 2015දී අප වෙනත් පිතිකරුවන් ආනයනය කර පසුපෙලේ සෙල්ලම් කලා.”යැයිද නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here