මෛත්‍රී ළඟින් ගියාට පස්සේ ඔස්ටින් කට අරී…..මෛත්‍රීටත් වෙන්නේ මහින්දට උන දේමයැයි කියයි…..

0

හිටපු කථානායක චමල්, ලක්ෂ්මන් යාපා සහ හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහභාගි වූ විවාහ මංගල උත්සවයක් බදාදා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. චමල්, ලක්ෂ්මන් සහ ඔස්ටින් තිදෙනාම අසුන්ගෙන සිටියේ එකම මේසයකය. තිදෙනාම සුහද කතාබහක නිරතවෙමින් සිටියේ ආගිය තොරතුරු කතාබහ කරමිනි. ඔස්ටින් ජනාධිපති ලේකම්කම දරපු සමයේ සිය අත්දැකීම්ද විස්තර කළේ මේ කතාබහ අතරය.

” මට කටයුතු කරන්න වුණේ විවිධ අදහස් තියෙන රජයේ නිලධාරීන් එක්ක. විවිධ අදහස් තියෙන දේශපාලනඥයො එක්ක. ඔවුන් හැමෝටම මම නිවැරැදි දේ තමයි ඉෂ්ට කළේ” ඔස්ටින් කීවේය.

“ඔබතුමා.. කවදත් ඒ වගකීම හරියට ඉෂ්ට කළානේ” චමල් කීවේය.

“ඔව්.. විවිධ කට්ටිය ඉන්නවා. කවුරුත් හැබැයි නිවැරැදි දේ පාලකයන්ට පෙන්නන්නෙ නෑ. මහින්ද ජනාධිපතිතුමාටත් වුණේ ඕකම තමයි” ඔස්ටින් කීවේය.

“ඒක ඇත්ත.. බලය තියෙනකොට හුඟක් කට්ටිය ළඟට ඇවිත් බොරු තමයි කියන්නෙ” එතැන සිටි තවත් ව්‍යාපාරිකයකු කීවේය.

“යුද්දෙ ඉවර වුණු වෙලාවේ මහින්ද මහත්තයට ලොකු පිළිගැනීමක් තිබුණා. ඒක අදටත් තියෙනවා. හැබැයි එතැනින් එහාට යන්න බෑ. උපදෙස් ටිකක් ලැබෙන්න ඕන” තවත් ව්‍යාපාරිකයකු කීවේය.

“ඔව් ඒක ඇත්ත.. ළඟ හිටපු අය කියන දේවල් තේරුම් ගනිද්දි පරිස්සම් වෙන්න ඕන” චමල් කීවේ කාගේත් අවධානය ඒ දෙසට නතු කරගනිමිනි.

“මහින්ද මහත්තයට ලොකු ජනතා ආකර්ෂණයක් තියෙනවා. ඒක කවදාවත් වෙනස් වුණේ නෑ. වෙන කිසිම ජනාධිපති කෙනකුට තනතුරෙන් ගියාට පස්සේ එහෙම පිළිගැනීමක් තිබුණෙ නෑ” ලක්ෂ්මන් යාපා කීවේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here