මෛත්‍රීගේ විශ්‍රාම කතාවට මහින්ද දුන් උත්තරය

සුද්දන්ගේ කාලයෙන් පසුව අහිංසක මිනිස්සුන්ට වැඩිපුරම බදු ගහපු ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට එක්වෙමින් රාජපක්ෂ මහතා මේ බව සදහන් කලේය.

“මේ ආණ්ඩුව ජනතාවට කරපු ලොකුම අපහාසය තමයි  මැයි පළමු වැනිදා  සමරන්න තිබුණු ලෝක කම්කරු දිනය මැයි 07 වැනිදාට කල් දාපු එක. ඒ වගේම  කියන්න ඕනි  සුද්දගේ කාලේ ටොරින්ටන් ආණ්ඩුකාරවරයා තමයි  වැඩිම බදු ගහපු කෙනා. ඊට පස්සේ මේ වත්මන් ආණ්ඩුව තමයි වැඩිම බදු ගහපු ආණ්ඩුවක් විදියට හඳුන්වන්න පුළුවන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මඩකළපුවේදී කිව්වා 2020 දී එයා විශ්‍රාම යන්නේ නෑ  කියලා.  එතුමාට එහෙම කියන්නේ නැතිව මේ වෙලාවේ  ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් රඳවා ගන්න වෙන ක්‍රමයක් නැහැ” යැයිද මහින්ද රාජපක්ෂ මහතා කියාසිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here