මෛත්‍රීගේ රිගින්ටෝන් කතාවට මහින්ද බඩ අල්ලන් හිනාවෙයි…

0

ඉදිරියට තැබූ පියවර තමන් කිසිසේත්ම පසුපසට නොගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඉදිරියේදී අවශ්‍ය වුවහොත් තවත් ක‍්‍රියාමාර්ග ගැනීමට තමන් පසුබට වන්නේ නැතැයිද ජනාධිපතිවරයා සදහන් කරයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමතමිනි.

පාර්ලිමේන්තුවේ බහුතරය ගැන කිසිදු ප‍්‍රශ්නයක් තබා නොගන්නා ලෙසත් අවශ්‍ය විටකදී එය පෙන්වීමට තමන් සූදානම් බවත් ජනාධිපතිවරයා එහිදී තව දුරටත් කියා තිබේ.

අවශ්‍ය නම් දුරකතනයේ ‘රිගින් ටෝන්’ එකක් ලෙසද ‘113 සම්පූර්ණයි’ ලෙස දමා ගන්නා ලෙසද ජනාධිපතිවරයා තව දුරටත් එහිදී පැවසීය.

“මටත් ඕක හරි වදයක්..තමුන්නාන්සේලාටත් එහෙම ඇති.ඒක නිසා එකසිය දහතුනක් සම්පූර්ණයි කියලා රිගින් ටෝන් එකක් හදලා දාගන්න..එතකොට හරි”යැයිද ජනාධිපතිවරයා සිනාසෙමින් කීවේය.මහින්ද රාජපක්ෂ අගමැතිවරයාද මහ හයියෙන් ජනාධිපතිවරයාගේ කතාවට සිනාසුනේය.

මෙම හමුව සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද සහභාගී වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here