මේ ගමනෙදි මගේ ලොකුම ශක්තිය යදාමිණි……විවාහයෙන් පසු සමන්මලී පළමුවරට මාධ්‍යට කතාකරයි….

0

මෙවර අපි වාසල විත්ති කතාබහට සම්බන්ධකර ගත්තේ පළාත් සභා මන්ත්‍රීනී සමන්මලී සකළසූරිය මහත්මියවයි.විවාහයෙන් පසුව සිය තොරතුරු ගැන ඇය පළමු වරට කතාකලේ අප සමඟ වීමද විශේෂත්වයකි.මේ අප ඇය සමඟ කල සංවාදයයි…..

 

*කොහොමද මන්ත්‍රීතුමිය මේ දවස්වල මොකද කරන්නේ?

බොහොම හොදින් සුපුරුදු පරිදි වැඩ කරගෙන යනව.

*අපි හිතුවේ විවාහ උනාට පස්සේ දේශපාලනයෙන් සමුගත්ත කියල?

(සිනාසෙමින්)ගොඩක් දේවල් බොහෝ අය හිතන්න ඇති.

*නිහඬව සිටියේ පවුලේ ප්‍රශ්නයක් නිසාද?දේශපාලන ප්‍රශ්නයක් නිසාද?

නිහඬබව මාධ්‍යයට විතරයි.. මම ස්වාධීනව තීන්දු අරගෙන කෙලින් දේශපාලනය කරන කෙනෙක්. නිහඬව වැඩ කරන එකයි මාධ්‍ය තුල පෙනී ඉන්න එකයි තීරණය කරන්නෙත් මම.

*විවාහ උනාට පස්සේ වගකීම් වැඩි උනාද?

එහෙම වුනේ නැත්නම් තමයි ගැටළුව

*ඔබ විවාහ වෙන්නේ අපේ රටේ ප්‍රසිද්ධ දේශපාලන පවුලකින් කොහොමද මේ ගැලපීම උනේ?

පුද්ගලික ජීවීතේ දේශපාලනයට අදාළ කරගන්න මම කැමති නෑ

*ඔබේ දේශපාලන වැඩවලට යදාමිණිගේ සහයෝගය කොහොමද?

කුසුමා,විවියන් ගුණවර්ධන මැතිණියන්ගේ ඉතිහාසයත් සමග ඈදුනු ඔහු තමයි මේ ගමනේදි මගේ ලොකුම ශක්තිය..

*බිරිඳගේ භූමිකාව සහ මන්ත්‍රී භූමිකාව ගත්තම ඔබ වඩාත් කැමති දෙකෙන් කෝකටද?

සසදන්න ගැලපෙන්නෙ නැති භූමිකාවන් දෙකක් නමුත් වඩාත්ම කැමති යදාමිණී සමග එක්ව දේශපාලන කටයුතු කරන්න..

*දේශපාලනයයි බිරිඳකගේ වැඩයි කරද්දි කාර්යබහුලයි නේද?

කාලය කළමණාකරණය කරන්නෙ ප්‍රමුකතාවය අනුව නම් එච්චරම ගැටලුවක් නැහැනෙ..

*ඔබ දේශපාලනය පටන් ගන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේන් හැබැයි දැන් ඔබේ ගෙදර තියෙන්නේ මහජන එක්සත් පෙරමුණේ අදහස් කොහොමද මේ කටයුතු වෙන්කරගන්නේ?

ඒක අපේ වැඩක්..අපි බොහොම හොදින් මේ ගමන යනව

අද දේශපාලනේ ඉහළ සිට පහලට පක්ෂ පැටලිලා..මම ගරු කරන්නෙ ප්‍රතිපත්ති වලට, ආදරේ කරන්නෙ මාතෘ භූමියට..එදා මහනුවර වේදිකාවෙ කිව්ව ටිකම තමයි මට අදත් කියන්න තියෙන්නෙ.

*දැන් පදිංචිය මාරුකරලද?

ඔව්…සාමන්‍යයෙන් කසාද බැන්දම ඕනම කෙනෙක් කරන දෙයක්නෙ..(සිනාසෙමින්)

*කවදහරි ඔබත් මහජන එක්සත් පෙරමුණට යයිද?

අනාගතය ගැන ඇගිලි ගණිනවට වඩා වර්තමානයේ කතා කලයුතු බොහෝ දේ අපට තියෙනව කියලයි මම හිතන්නෙ

*තව ටික කාලෙකින් මහ මැතිවරණය එනවා ඒකට තරග කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

ඒකට කලින් තව මැතිවරණ රැසක් තියෙනව

*ඔබේ දේශපාලන ගමන පිටිපස්සේ තිබුණ අභියෝග මොනවද?

මුහුණ දීපු අභියෝග ගැන කතා කරනවට වඩා ඉදිරිය පිලිබඳව වෙහෙසෙන කෙනෙක් මම

*මොනවද අනාගත බලාපොරොත්තු?

රටට, ශාසනයට සේවයක් කිරීම සරල, නිදහස් ජීවිතයක් ගත කරන්න පවුලේ සියලු දෙනා සමග ආදරෙන් ජීවත්වෙන්න.

 

කතාකළේ

මිහිරාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here